Monday, August 10, 2015

සෙවනැළි මතකය

සෙවනැළි මතකය






සුරා.. යකුන් හද මන........................... පිනවන්නට
නුරා.. රැඟුම් පෑවා අපි.................................. මුදලට
ගරා.. මුදල් ලොකු තැන අප................... වෙහෙසට
සරා.. පහස සෙව්වා එළි...................... වෙනකොට

කැරකෙති.. දේදුණු පැහැ එළි අප..................... වට
නැළවෙති.. නුබ මා ලඟ......................... සංගීතෙට
එළිවෙති.. නොදැනිම රඟමින්................... බැරුවට
උණුවෙති.. මගේ හද නුබේ දා..................... බිඳුවට

හොල්ලා.. සිහිණිඟ දුටුවන්....................... පිණනට
අල්ලා.. මගේ අත කැරකෙති මා....................... වට
කොළ්ලා.. මං පමනක්........................... රංගනයට
ඉල්ලා.. නෑ කිසි දින නුබේ හද......................... මට

හමුවුණු .. එක සතුටක් අද.................... මෙලෙසට
වාවණු.. බෑ කඳුලැල් එයි.............................. දෑසට
නාඳුණු.. ලෙස අප ගියෙමුත්........................ ඈතට
සඟවණු.. බෑ සිත් සෙවනැළි.................... මතකෙට




Tuesday, August 4, 2015

උන්මාද සඳ











ප්‍රවීණ සංගීතවේදී "අමරසිරි පීරිස්" ශූරීන්ගේ හඩින් පස් වසරකට පසු සුගැයෙන රූප කාව්‍ය
"උන්මාද සඳ"
වර්ෂ 2015 ක් වූ අගෝස්තු මස 14 වන දින
ප.ව. 6.30 ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී

අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍යාරමාධිපති
පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි සහ
හෙළයේ මහා ගාණ්ධර්වයාණන්
පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව ශූරීන්ගේ ප්‍රධානත්වයෙන්
ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්...
කථනය ප්‍රවීන දේශක වසන්ත රෝහණයන්ගෙනි


උන්මාද සඳ ගීතය දොරට වැඩුමෙන් අනතුරුව, රූප රචනා සහිත සුභාවිත ගීත නිර්මාණකරණයේදී ප්‍රවීණ සහ නවක නිර්මාණකරුවන් අතර සුසංයෝගය පිළිබඳ සංගීතවේදීන් සහ ගායනවේදීන් සමඟ සුහද පිළිසඳරකි.

සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මිතුරනි..මාධ්‍ය ආවරණය සඳහා ආරාධනා!!!!"


Thursday, July 30, 2015

උඹ එනකං




උඹ එනකං









ඉද්ද සමන් මල් සුවඳින්

පහන තියන්නම් උදයට…….

වින්ඳ දුකට හේනෙ ඉරිඟු

දෙන්ට කියන්නම් සමිදුට……..



කන්ද නගින රැස් බහින්ට

ගීත කියමි හිරු දෙයියට…….

සුද්ද කරාපන් පැල වට

වැට හිර කර තනි අලියට…....



කැන්ද හැලප උණු උණුවෙං

හදා තියන්නම් එනකොට………

බැද්දෙ ගොහිං මල් රණවර

ගෙනත් දවන්නම් තිබහට………


ලන්ද මැදට හඳ මෝරණ 

තුරු ඉන්නම් රෑ කෑමට…….. 

නින්ද නැතුව රෑ මැදියම  

සාප තියමි මල් පැදුරට…….


සද්ද නැතුව උඹ ආවොත්

සනසන්නම් ගෙන තුරුලට……

කොන්ද දිගට පොල් ලෙල්ලෙන්

මී තෙල් ලන්නම් රස්මෙට……..



වින්ද දුකේ උඹත් එක්ක

මාත් හිඳින්නම් සවියට……..

නැද්ද කියාපන් එන්නේ



මං දකින්ට මේ පෝයට……. 

 



Everard Jayamanne ඔබට ස්තූතියි



Monday, July 27, 2015

ඇය



ඇය







කාසි දී රස පහස විඳිනට
අවේ නුඹ එක්කළා ගෙන මන්...
.
මාසෙ පඩි දා වෙනද මා නෙත
ගැටුනේ නෑ නුඹ වීදි අතරින්...
.
මෝසමට බය මැරුණ මල් හැඩ
කාරියට ඔය මුහුණ අළුතෙන්...
.
වෙහෙස පසෙකට දා වැතිරියන්
පැයට පෙර මට පුරුඳු සයනින්...
.
සළු ලිහෙන්නට තරම් පිරිපුන්
ලැම බරයි සිත දවන පහසින්...
.
කුළු ගැණුනු නුඹෙ හැඟුම් බිඳිනට
හොඳම තැන ඒ තමයි විඟසින්...
.
ඒත්..
සුළු රිදුමකින් නුඹේ තන මත
සිඟිති කිරි ඇයි ඉනුවේ මෙලෙසින්...
.
මුළු ගතම සලිතයි මගේ නුඹ
මුණි වතම බිද කියූ කරුණින්..

මේ...
පැයක් පමනයි මටත් ඇත්තේ
පමා වී බෑ පැටියා තනියෙන්...
.
කිරි බිංඳු නොහලා බිමට මගෙ
උවමනා පිරිමහන් පලයන්...

----------------------------------
නිමිත්ත- Chanaka Perera
----------------------------------

කොහෙන්දෝ මං ඇහින්දේ


කොහෙන්දෝ මං ඇහින්දේ







ලැමැද කිරි හංගලා රුව රැක

පිටි කිරෙහි රස හුරු කළා මට

රබර් ඇබ තන පුඩුව ලං කර

නිදි සුවෙහි සැතපලා මා

නුඹ……



ඇඳ නුහුරු තද ඩෙනිම නිතඹට

දුක මකා මුව පුයර ගාගෙන

කලු තොලේ රතු සිනා පාගෙන

ගියා සවසට වීදියට

නුඹ…….



පව්කාර ඒ වීදි අඳුරට

මගේ කිරි ලැම හඬා බිලි කොට

මගේ ලඟ ලය තබා තනියට

විකුණුවා මා නමින් ගත

නුඹ…….



නැග එකෙක් පිට නුඹ දවනකොට

තව එකෙක් විත් කෙළ හලනකොට

සිහිනයෙන් නුඹ මා සිඹිනකොට

ඇහැරවයි උන් රිදවමින්

නුඹ…….



කාසි කැට හෙව්වා ගතින් හුඟ

කඳුළු කැට සඟවා හොරෙන් මට

වෙහෙස වී රකිනා මගේ පන

උඹද මගෙ මව් කියාපන්

මට…….





Friday, July 24, 2015

ඔහොම බෑ එදාට







සුදු බඩ නුඹෙ උතුම් දරු කුස වූ දාට.......................
ඔය ලැම සිගිති රස කිරි උණනා දාට.....................
.

මූණේ පුයර බිළිදුගේ උලනා දාට..................
දෙතොලේ පාට බිළිදුගේ ගෑවෙන දාට....................
.

දෙකණේ තෝඩු බිළිදගේ පැටලෙන දාට.....................
දෑතේ වළලු හඬ දරු ඇහැරන දාට..................
.

හිර උන ඇදුම් බුරුලට අඳිනා දාට................
උස් අඩි පසෙක දා පය පළදින දාට.................
.

විසිරුණු කෙස් එක් කොට ගොතනා දාට....................
උල් ණිය කපා බිළිදුට කවනා දාට....................
.

මව් පදවියට නුබ එළබුණු මතු දාට..................
කෙල්ළෙක් නොව මවක් බව සිහි ගන් සිතට....................


Monday, July 6, 2015

ඉවසාපන්













පොහොට්ටු සංදියේ ඉඳන්

මමයි නුඹට තනි රැක්කේ...

සීතල වී රෑ වෙනකොට

නුඹ වටකර මං උන්නේ…

පාට වැටී දිළිහෙනකොට

නුඹ පිපිලා අග්ගිස්සේ…

කාටත් වැඩියෙන් ලං වී

මමයි නුඹේ සුව වින්ඳේ…



මෝරණකොට රේණූ සලා

සුවඳ විදා මහ බැද්දේ…

රොන් උරණා සමනලයින්

මත් වීලයි නුඹ සෙව්වේ…

වයිවාරණ උන් දැක්කම

රේණු සිනා නුඹ පෑවේ…

රැවටීලයි තටු පැහැයට

සඟවා මං පෙති අස්සේ…



නටුව දිගේ මං එනකොට

නුඹෙ තනියට හැන්දෑවේ…

සමනලයෙක් පොරබදමින්

නුඹ හා රොන් පෙම් කෙළියේ…

සුළගෙ සැපට ඇඹරෙන හැටි

නුඹත් මතින් ඒ තුරුලේ…

නුඹ මට පෑ කටු අස්සෙන්

අහඹුවකින් මං දැක්කේ…



ඉගිලී යයි ඔය සමනලු
උරලා රොන් සුනු නුබගේ…

රොන් නැති මුත් නුඹ සුවඳයි

සැමදා මට මේ බැද්දේ…

හිත ඇතිනම් මං ගැන තව

පර වෙන්නට පෙර දුක සේ…

ඉවසාපන් ටික දවසක්

තටු විහිදන්නම් හනිකේ… 



හ්ම්...

දළඹුවෙකුට හිරිකිත නුඹ

සමනලෙකුට පෙම් බැන්ඳේ…

ඌ රොන් ගෙන ඉඟිලෙනකොට

මමමයි නුඹ ලඟ බැද්දේ…

සමනල තටු නැතිමුත් මට

සිත් සමනලයෙක් රහසේ…

ටික දිනකින් ඉගිලෙන්නම්

නුඹ වට කර මං අහසේ…




Monday, June 29, 2015

කවියනි සමාවෙයං















සුන්දර රස කවි ඕනතරම් ඇති

මා කිය වූ නොකියූ…….

සමහර කවියන් විඳිමි පුදමි මම

අගය කරමි හමු වූ……..

ලෝබයි කවිකම් විටෙක කෙනෙකු ලඟ

දුටුවම මන බැඳුනූ…….

එහෙත් මගේ හිත මටම කියන දේ

අහං ඉඳිං මිතුරූ…….



‘’උබම ලියු උබෙ කවක් තරම් වෙන

කවක් නොවේ දැකපූ…….’’



Saturday, June 27, 2015

බඹර නෙත නොගැටෙන්ණිය











හැඩට පිපෙන්ණිය..........
සුවඳ විදන්ණිය.........
රෑට සරන්ණිය..........
නෙත ඇහැරන්ණිය..........

පෙති පුබුදන්ණිය..........
සළු ඟිලිහන්ණිය..........
විවර කරන්ණිය..........
ගත පෙන්වන්ණිය..........

සුදට රඟන්ණිය..........
නෙත රවටන්ණිය..........
උන් පිනවන්ණිය..........
පහස විදින්ණිය..........

රොන් උරවන්ණිය..........
පෙති තලවන්ණිය..........
පහසේ ගිලෙන්ණිය..........
නිසර කාමිණිය..........

අහෝ..

උඹේ අහේණිය..........?



Wednesday, June 24, 2015

වරද කොතනද?


වරද කොතනද?











කොටට ඇඳගෙන සිටින එකියක්

පෙන්නුවට සුදු කලව අඩියක්

කාටවත් නෑ ඒකෙ ගානක්

ඒකි හරි පොශ් ස්විට් කෙළ්ලක්



දිගට ඇදගෙන සිටින කෙළ්ලක්

ඉස්සුවොත් දිග සායේ මුල්ලක්

පෙන්නුවොත් පා විලුඹ චුට්ටක්



ආං එතකොට ඒකි වේසඟක්


Saturday, June 6, 2015

කාපිය මගෙ මාළු








පාසි අස්සෙ උන් දන්ඩි පැටික්කියෝ

ඩැහැගන්නට ආ පිළිහුඩුවා…

මාන බලාගෙන කුඹුක් කොටේ උඩ

හැන්දෑවට ලැගගෙන ඉන්නා…

ඕක දැක්ක තඩි නාකි ගෙබිච්චියෝ

හැංගී බක බක හඬ තැලුවා…

පීනා පීන ආ කලු තෙප්පෙලියෙක්

ලොකුවට කරමල හෙම පෙන්නා…

මක්කද ගෙම්බියො සද්ද කොරන්නේ

දිය පිට් පැන අසමින් රැව්වා…

ආං එතකොටම කට මැද දොඩවන

රැලේ මහ එකී බඩ් පුම්බා…

තොගෙ ඇස් පොට්ටද උඩ බිම බලපිය

හැල ගෙම්බිය උඩ පැන කිව්වා…

අනේ එතකොටම කුඹුකෙ ලැගං හිටි

පිළිහුඩ්ඩට කට කෙළ පෙරුණා...

පැන්නගමං බක ගෙම්බිගෙ බෙල්ලට

හුට්ටපටස් බක් බක් ගෑවා…



හෑ………..

එතකොට දැං

දන්ඩි පැටික්කියෝ………


Thursday, June 4, 2015

කවි කතාව


තෙරුවන් සරණයි 





මේ මයෙ හිතේ කාලයක් තිබුන ආසවක්.

කවියෙන් කතාවක් ලියන්ට හිතුවේ හුඟ කාලෙකට කලියෙං.

ඒත් බැරිඋනා.

මේ ඒ ආසාව සපුරාගැනීමක්.




මේ අපේ රටේ මුල්බැහැගෙන තිබුන, අදවෙනකොට ඩිංග ඩිංග යටවෙලායන මන්තර සාස්ත්‍රය ගැන සත්‍ය කතාවක්.

මගේ කිරිඅත්තා ‘’සර්ප විෂ විශේෂඥ්ඥ රාජකරුණා (වැරැලේ වෙදමහත්තයා) දෛවඥ්ඥතුමා’’ එතුමාගේ ගුරුවරු ගැන කියෝනකොට මහ උජාරුවෙන් මට හුඟාක් පුංචි කාලේ කියා දීපු කතාවක්.

අත්තා මේ කතාව අගේට කවි කරලා සාත්තුවල කියනවා මට යාන්තමට මතකයි.

ඉතිං මීට වසර 11ට විතර කලියෙං ඒ ජීවක ඇත්තො ජීවිත ගනනාවක් ගොඩ දාලා මියෑදුනා.

අත්තා කරපු ඒ සේවාව අගේකරලා අත්තට පින් තකා මං ඒ කතාව මට හැකි හැටියට කවි කොරන්ට තීරණය කොලා.

මන්ත්ර සාස්ත්‍රය ගැන විශ්වාස කොරන නොකරන එක තම තමන්ගෙ අයිතියක්.

මේක කාගෙත් රසවින්ඳනයට වගේම මයෙ ආසාවට මං ලියන්න ගත්තෙ. කට වරදක් උනොත් සමාවෙන්ට

.

මේ කවි කියෝන සැමගෙන් අවසර



ඒ වගේම




කම්බිලි දෙවෝත්තමයානවහන්සේගෙනුත්

කඳුබොඩගම වෙද ඇත්තන්ගෙනුත්

මයේ කිරිඅත්තගෙනුත්




අවසර

ඒ වගේම වරදක් උනොත් සමාව

ඉල්ලාහිටිනවා..




එහෙනං හා පුරා ආයුබෝ...





1)


2) 


3)
     

    

4)

Monday, May 4, 2015

ම: න: ස: (මහ නගර සහාව)












මහ සද්දෙට

මහ බැති ගී වැල්

මහ ලොකුවට

මහ බත් දන්සැල්

මහ ගොඩකට

මහ ලොකු පින් කම්

මහ පාරට

මහ කුණු ගොඩවල්

මහ නගරෙට

මහ ගඳ සිහිලැල්



හ්ම්…

මහ ඇත්තන්ට පින්

මහ ගොඩක්

මහ ලොකුවට

දන් දෙන්ට

නැති අපට

පුංචි පිනක් කොරගන්ට

ඉඩ හරිගැස්සුවට






Sunday, May 3, 2015

පෙර කලෙක


පෙර කලෙක 








උදයක සත් සිය පත් හිනැහී

දහවල බෝ පත් සිසිල දැනී

හවසක සල් මල් හඩා වැටී

තුන් ලෝ තිබුනලු කම්පිත වී




පෙරුම් පුරා බෝ කල් නෙක වෙස් ගෙන

ලැගුම් ගත්හ පින් වදයක මේ වන

ගිගුම් ලමින් මිහිකත එය දැන ගෙන

පියුම් හතෙන් සිම්බයි පා පිළිගෙන



නසා කෙලෙස් මල් සසර වනේ

සොයා ගොසින් චතු ආර්‍ය මලේ

උරා ගෙනත් පැණි දම් කෙමියේ

තබා පෙළට බැඳ සිල් වදයේ



බෙදලා සතහට දහම් පැණී

බැඳලා නිවනක් සොයා කෙමී

සදලා පිරිවර පිනට ලොලී

බඹරිඳු සැරුවලු තිලොව සැරී



සැරියුත් මුගලන් මුලට පෙලේ

කහවත් ඇඳ යන බඹර රැලේ

පිළිවෙත් පුරවව් සසර කැලේ

සැම සිත් වඩවව් දහම් බලේ




Thursday, April 23, 2015

මල් සහ අපි කොතැනද?















වට්ටිය මලින් සැරසී කොත සේ ඳිළෙන.....
බුදු හිමි දකින්නට පේ වී මඟ බලන.....
අප හිස් මතම හිඳ අපටම ඔජ වඩන.....
නැත කිසි වැරදි කෙනෙකුට පිට සිට බලන.....


බලව් එකෙකු පරයා අනෙකා නැගෙන.....
මිනිස් ගතිය මේකද මහ පින් කරණ.....
පසන්නේන බුදු සමිදුත් දෙසු කරුන.....
කුමටද මහා පින්කම් පොඩි දේ නොදැන.....


නව මල් වලට ඉඩ දී පර මල් හැලෙන......
පිං කල යුතු අයුරු සත හට පහදවන.....
අරුමෙකි සිතක් නැති මේ මල් බණ කියන.....
උගනිව් පාඩමක් දිවියම සරු කරණ.....


සොබාවිකව මල් පිළිවෙලකට පිපෙන.....
කසාවතට බැරි බණ පහදා කියන.....
අපායට ගියත් පිළිවෙල හරි වටින.....
උපාසක උනත් පල නෑ මෙය නොදැන.....

-------------------------------------------------------------------------------------
පොරකා අනෙකාගේ අවස්ථාව උදුරාගෙන පින් කරනවුන් වෙනුවෙණි.
-------------------------------------------------------------------------------------



Tuesday, April 21, 2015

හිටුකෝ.. ඩිංගිත්තක්

 හිටුකෝ.. ඩිංගිත්තක්







හඳ පොජ්ජ උඩු තැනට මංඳු කොරෙව්වාම
රුක් පොජ්ජ පට අරිමු කන්දේ දෙයි වැඳලාම

දිය පොජ්ජ බිම ලාන්ට වැහි දෙයියෝ වැඩියාම
ඇට පොජ්ජ බිං කොරමූ අස් අද්දා දෙංඥාම


දිය කපලා දෑත් වෙන්ට ඇල බේරපං උඹම
ජප කොඹ දිය ඉස්ම උසි කොරාංඤං මමම
බඩ කලුවෝ පිට කලුවෝ කීඩෑ පන්නාලාම
පේ කොරපූ පිණි දියර ගොයමේ ලාමූ බෝම


හා ගෙරියෝ කැරකෙවී ඩැහැගාන්ට පැල ගොයම
උඩ පෙත්තෝත් විසි වේන්ට හූ තියමූ අතොරේම
හෙන කඳයෝ පන්නාන්ට වෙයි බංඩී වෙච්චාම
කයි කීමූ දෙකොනේම පැල් බෑදං මහ රෑම




අනේ නිකාහිටහං හූරේ..

ඉඳ මොකට එතකාල්ම පැල් කොටම වී පේඩි
කඳ පල්ලේ පැණි කාන්ට වර යාන්ට අයියාන්ඩි
යම බෑලා වක්කලමේං අල්ලාන්ට හිරි දාන්ඩි
මහ බෑද්දේ මැද්දෑවේ තෝ දැක්කෑයි හීං බංඩි




ඕං ඔය දෙඩුවේ...

නොදකින්
තොට කීවා කට හොඳා
ගල උලන්ට



Sunday, April 5, 2015

මගෙ සුදු අම්මා වෙත

මගෙ සුදු අම්මා වෙත







අම්මේ නුඹ ගිය දිනේ ඉඳන් දුර පිට රටට
ඉවසුවා මව් සෙනේ කැපකරන් අපේ ගෙට

දහ දුකින් වෙහෙස වී නුඹ එවූ කාසි කැට
විදුරු බෝතල් වෙලා බිලි වෙලා තාත්තට

ඇසුවාම තට්ටු කර හේතු මම බෝතලට
වෑහුනා මත් බිංඳු නුඹෙ අඩුව කියන් මට

කොං බිච්චි එහෙමමයි ඉස්සිලා නෑ උඩට
කාසි දැක්කෙත් නැතිලු වැලි ගලට බදාමට

හැමදාම පියා එයි වෙරි මතින් හවස ගෙට
මං හේදු දැලි වලං හයිය මදි දැං ඔහුට

දැක්කහම බඩ ලඟින් ඉරුණු මගෙ මල් හැට්ට
නුඹ මැවෙනවද මන්ඳ මගෙ මුවින් වෙරි මතට

පිය සෙණේ සුරා සුව පැටළිලා එක පිටට
මත් සිතින් රතු ඇසින් අත තියයි මගෙ ඇඟට


අනේ බුදු තාත්තේ වඳින්නම් මම උබට
වැඩක් නෑ හඬ යන්න කට තියයි මගෙ කටට

අහස් යන්තර යනව මගෙ කෙදිරි පර යන්ට
පොල් අත්තෙ සිදුරකින් එළි පේනවා ඇඳට

නුඹ බහිනවද සැකයි දිව එන්න සිතේ මට
බෑ එන්න හිරවෙලා මගේ ඇඟම කළු අතට

පුංචි කල සෙනෙහසින් නැහැවූ සුරතල් දුවට
අත තියයි වැඩුණු ලැම සොය සොයා වල් මතට

අමතන්නේ යලි කොහොම සෙනෙහසින් තාත්තට
නුඹෙද සැමි මගෙද සැමි වද කරයි මගේ සිතට

ඉතින් නවතිමි අම්මෙ බයයි මං තාත්තට
දුටුවොතින් මේ ලිවුම තලයි හොඳටෝම මට

වෙන්න කිසිවක් නොමැත තව අම්මෙ නුඹෙ දූට
අකුරු කරණට බැරිය හරස් වෙයි කඳුළු කැට

නවත්තන්නම් ලියුම හාදු දි කෙළවරට
පතන්නම් බුදු සරණ මගේම සුදු අම්මාට

හ්ම්....

දැ ඉතිං නුඹලගේ දායාද ඇත මෙමට
ගෙට කාසි සොයන්නම් රෑට ගොස් වීදියට



Friday, April 3, 2015

අයියන්ඩියේ මේ අහපං










බූරු ඇඳෙන් බැහැල හෙමිං

සූරු කමින් අඩිය තියං

මාරු පයින් දුවල වරෙං

පාරු තොටින් එගොඩ වෙයං



මාන ඉලුක් පඳුරු මැදිං

පාන හඳෙන් එළිය අරං

නාන තොටින් දොහොන් කොරං

වාන උඩින් පැනල වරෙං



හේන රැකන් උඹ හිටහං

නෑන බලන් මම යන්නං

රෑන ගිරව් එන්ට කලිං

හීන අරන් මම එන්නං



හ්ම්..

ආඩපාලි හිතේ දරං
නාඬ පැලේ කවි කියපං



මං ආවම..

කෑල මලෙන් මාල ගොතං හිනා කටින් උඹ පලයං

පෑල දොරින් ගෙදර ගොහිං නෑනන්ඩිගෙ හිත හදපං

දෑල අතුන්වාගෙ පුතුන් දෙන්නෙක් ඇතිදැයි අහපං

ඈල ගොඩින් ආයෙ ඉතින් නෝක්කාඩු නෑ කියපං

Friday, March 6, 2015

බණ මල්










මලක් නොදුටු මල් වට්ටි පෝලිමම
මුනිං අතට ඇත බිම වැටිලා.......
දනක් පිදුවහම හඬදෙන ඝන්ඨව
ඔහේ එල්ලිලා බිම හැරිලා.......
කෙනෙක් කාලෙකින් නොආපු ගානයි
චෛත්‍යෙ වට තණකොළ වැවිලා.......
දුකක් ආව දැක්කම උඩ මළුවම
අඹකොළ බෝ කොළ පරදවලා.......


පසක් කරල දී අනිත්‍ය පාඩම
ගමේ හැමෝටම බණ කියලා.......
මසක් ගතවුනා කාටත් නොදැනිම
ලොකු අවසර නිවනට වැඩලා.......
මතක් කරල තුන් මස හෙට දවසම
පන්සලෙ පින්කම් පෙළ ගැහිලා.......
වගක් නැතුව වාගෙයි එය පොඩි නම
විහාරෙවත් නෑ තව ඇරලා.......


යමක් ඇහෙනවා ආවාසේ තුල
සිනා මුකුළු අතරින් නැගිලා.......
සැකක් ආ නිසා හැර දැන ගන්නට
බැලුවා ජනේලයෙන් එබිලා.......
රුවක් ගැහැණු තිර මත චැට් එකටම
පොඩි නම අඳනෙට බස්සවලා.......
බණක් කියනවද මලක් කඩනවද
තාක්ෂනෙත් අද දියුණු වෙලා.......


විසි කරපු කවි කටු




පීදෙන කොටයි රඹකැන් ගහ ඇල -------------- වෙන්නේ
ඉගිලෙන කොටයි නක සුද එළියට --------------- එන්නේ
වේලෙන කොටයි බිම් පස් ගුලි හයි -------------- වන්නේ
වරදින කොටයි කාගෙත් මොළ පෑ ------------- දෙන්නේ

Wednesday, March 4, 2015

හනික වරෙං










අත්තෙ ගිරව් කර මාල ලිහනවා
පැත්තෙ පුංචි තටු බිමට දමනවා

වත්තෙ දොඩං ගෙඩි ඉස්ම හලනවා
නැත්තෙ මොකෝ උඹ මගෙන් අහනවා

කොට්ටෙ පුළුං ගුලි කඳුලු උරනවා
මෙට්ටෙ එපා මං අකුරු කරනවා
හැට්ටෙ උඹේ වැල කොන ගුලිවෙනවා
නැට්ටෙ හූනු පණ තාම ගැහෙනවා


වැස්සෙ තෙමෙද්දිත් හිත රත් වෙනවා
කැස්සෙ බෙහෙත් මට දුරයි දැනෙනවා
විස්සෙ කඩල ගොටු ලොකුයි හිතෙනවා
මැස්සෙ ඉඳන් මං අමු අඹ කනවා


කැන්දෙ හැලප රහ රොටියෙ දැනෙනවා
හැන්දෙ මිටත් උඹෙ සුවඳ හොයනවා
බැද්දෙ හිඹුටු අතු අස්සේ පැහෙනවා
ලන්දෙ ඉකිරි කටු සැරට ඇනෙනවා


දැක්කෙ නැතත් මං උඹට වඳිනවා
වික්කෙ උඹව ඇයි හිත වද දෙනවා
ඔක්කෙ උඹෙ අයේ ඉන්ට හිතෙනවා
අක්කෙ වරෙං මට පාළු දැනෙනවා


වැල්ලෙ සැරට ඔය පය පිච්චේදෝ
අල්ලෙ මැදට කරගැට මතු වේදෝ
රැල්ලෙ එහා රට උඹ තනි වේදෝ
තැල්ලෙ සිරිය බාබට බිලි වේදෝ




Thursday, February 26, 2015

ආයෙත් මට මගෙ අයියා වෙයන්






දොල ගාව තොටට බැස නාන කලට මට
තනිය රකින්නෙ කව්ද ගොඩේන්
වෙල පහල කනටියට බැහැල සෙල්ලමට
මා එලවන්නේ කව්ද මඩේන්
හැමදාම රසට ගුලි අනා කවා මට
රැල්ල මකන්නේ කව්ද බඩේන්
පඩි දාට හවස තල බෝල හවරි කටු
අරං දෙන්නෙ මට කව්ද කඩෙන්


ඉඳලෝලු අතට රස හිඹුටු දමුන ඇට
නෙලා ගෙනෙන්නේ කව්ද කැලේන්
මග මාළු ඇලට බැස අල්ලා සරම් පොට
ලිහා යවන්නේ කව්ද දැලේන්
කර පාලු කමට රතු ඕලු මලෙන් මට
මාල බඳින්නේ කව්ද ඉතින්
මගෙ පාළු හිතට ඒ මතක කඳුළු කැට
මකා හිනා ගෙන එන්න සැනින්


එල්ලා වැටුනත් මං වගේම කර පිට
අඩුව මැකෙනවද පාත්තරෙන්
නැගුනත් මුවගට දුටුවාම සිනා කැට
රෑට අඬනවා මං හීනෙන්
ගුඩු පැන දුව යන්නට බෑ ඔය සිවුරට
සරමෙන් ආපිට ගෙදර වරෙන්
කැමතිම නම් ඔය හැටි නුඹ සිල් සුවඳට
හවස වෙහෙර එමු පහන් සිතින්




Friday, February 20, 2015

හුඟාක් පින් මයේ අම්මේ..









ලෝබ නැතුව රසට පොවා නුඹ මට කිරි.......බිංදු..................බිංදූ
විඳගෙන කරදර බාදක මට සුර සැප........කැන්දු................කැන්දූ

දිවි මග දී පෙන්නා මට කඳු පළ්ලම්.............වංගු.................වංගූ
මගේ වැරදි පෙන්නා දී කර ආදර...............රන්ඩු................රන්ඩූ

සඟවාගෙන කඳුලු බිංදු සිනහව මුව..........රැන්දු.................රැන්දූ
නුබ ගැන අමුණා කියන්න නෑ මට කවි........සිංදු..................සිංදූ

සලකන්නම් අද මං හැකි පමණට දී............හාදු..................හාදූ
බුදු සරණයි මගේ අම්මට වදිනෙමි පා.........සාදු...................සාදු









බුදු සරණයි අම්මේ...

Monday, February 9, 2015

පැණි හඳ




https://www.facebook.com/photo.php?fbid=361780250673290&set=a.261191850732131.1073741833.100005239542747&type=1&theater




රමණ පහසට බය මනාළිය
වෙලා නුඹ අද මහද කුටියට….
කරණ කෝලම එබීගෙන මට
පෙන්වමින් හිරි වලාකුළු යට….


එළිය සැර වැඩි නිසා දෝ ඔය

සැඟව ඔමරිය කළු වලා යට….
දිස්නෙ ලන නුඹෙ සිනිඳු සළු පිළි
බැරිද මදකට නිවා ලන්නට….


වෙනද අඳුරෙදි පෙන්නුවේ ගත

අඩක් පමනයි වලා සළු යට….
ඉතින් අවසර පුර හඳක් වෙනු
බිඳලමින් හිරි මගෙම දිවියට….


කිමද මෙතරම් කඳුළු දෑසඟ

පුර හඳනි නුඹ මගේ ලෝකෙට….
බිලි කළද සොමි සිසිල දහවල
උනුහුමක් ලැද හිරු කුමරු හට…


හ්ම්..

දුක් නොවනු මැන ඉතින් සඳවත
නැවුම් සැමදා නුඹෙ පහස මට…
රකිමි පණ මෙන් සදා නුඹ මම
රැඳෙනු ලඟ පුර සඳක් විලසට….


ඒත්….

අවැසි නම් පෙර හිරුගෙ උනුහුම
වඩිනු ආපසු නුඹේ අහසට….
මගේ නාමෙන් තාරුකාවක්
දිළෙයි රැයකදි වාසනාවට…


එතෙක් ඉමි ගං තෙරට වී………
තනිව ඔරුවේ පා වෙවී………..
කුමට දෝ අමනාප වී…..…….
හැඟුමකට සිත වහල් වී……….



Sunday, February 8, 2015

පමා වැඩිද සුමානයක්?














යොමා හිඳිමි නෙත් දියඹට

පමා මොකද රෑට බතට

හමා ඇදෙන සුළං සැරට

සුමානයක් උනා අදට



තනියි නැතිව නුඹව හිතට

කඩා වැටෙයි කඳුළු දුකට

දැනෙයි මගෙත් අඩුව නුඹට

දිගා වෙයන් ඔරුවෙ කඳට



අගේ වද්ද තෝරු අපට

එපා ගෙනෙං කූරි පතට

නමා දැලත් හතර පහට

අනේ වරෙන් අයේ වැල්ලට



හ්ම්..

කුණාටුවත් සැරයි තදට

පමා වැඩියි නුඹ වෙනදට

ගියා වත්ද නුඹ වතුරට

වැසී යයිද මං වැල්ලට



සමාවෙයන්

සොයා හුඟක් කාසි අපට

ගියා ටිකක් දියඹෙ දුරට

වැටී මොකද පැල අඳුරට

නගා නැතිද මගේ ලඟට




හ්ම්..

කූරි අරන් මං එනකොට

මගුල් කන්ට මේ වැල්ලට

කාසි හොයන් උඹෙ තැල්ලට

වේසි වෙලා මයෙ ආලෙට










Sunday, January 25, 2015

වාව්...





https://www.facebook.com/photo.php?fbid=286998284818154&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater







පාසැල් නිම වී කම්මැළි අරීන්න
වෙරලට ආවද අද -- මන්ඩේ...........
පමාවෙලා අද ගෙදරින් එන්නැති
කරලට ගොතලා නෑ -- කොන්ඩේ............

රෝස පුලුං ගුලි වාගෙයි කම්මුල්
මුහුණේ ගාලා -- මකරන්දේ..............
හීණිම හීණීයි නුඹේ දිගැස් ඹැම
පොල් කෙන්දක් තියලද -- ඇන්දේ............

තොල් රතු පාටයි අව්වට දිළිසෙයි
හැඩ මතු වෙනවා අඹ -- දල්ලේ.............
ගල් පර නැතුවට අඩුව මකන්නද
ලැම ඔය හැටි ඉස්සී -- වෙරලේ............

රෙද්දේ සිනිඳුවට හේහා පේනවා
වරදක් නැතුවැති උඹේ -- අතේ...........
ඉන්න සැම්පලේ හරි නෑ වෙන්නැති
හිරට තද වෙලා ඇදුම -- ගතේ.............

මුහුදු හුළං සැර වැඩි හින්ඳ ද ඔය
ගව්ම දණෙන් උඩ -- ඉස්සෙන්නේ............
නොමිලේ හම්බුන සුදු රෙදි යාරේ
දිග මදිවද දන්නෙත් -- නෑනේ............

අර ලෝකෙම හොළ්ලන මොකක්ද - තරගෙට
කියලා වැඩක් නෑ උඹේ -- අගේ............
මං නිකමට කිවේ කට හොඳ නෑ මගේ
සමාවෙයන් මට චූටි -- නගේ...........

හම්මේ
මන්ද
ඉතිං


ඔය විච්චූරන මේ සුදු ඇඳුමට
ගැළපෙනවද සැක මතු -- වෙන්නේ.............
පාසල් යනවද මගුලක යනවද
මට නම් නෑ එය -- වැටහෙන්නේ...........



---------------------------------------------------------------------------------------------------------------------------------------------
ඡායාරූපය- ''
Athula Siriwardhane'' විසින් සකසන ලද්දකි.
ඔබට පින්

මෙය මා කවි මඟ හැරවුම් ලක්ශයක් වූ කවියකි.

මේ පින්තූරය අතුල සිරිවර්ධන මහතා විසින් ඇඳ නොදුන්නා නම් මා යළි කිසිවක්  නොලියන්ට ඉඩ තිබුනා.

බොහෝ විට
--------------------------------------------------------------------------------------------------------------------------------------------



ඉවසන් ඉන්නම බැරිද?




https://www.facebook.com/photo.php?fbid=275506545967328&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater






බසින මුත් හිරු හවසට.......
නව හිරු නැගෙයි උදයට.......

නැග්ගොතිත් මහ කන්දකට.......
පල්ලම පෙනේ පහලට.......

පායයි නම් තදට.......
කාලය ලඟයි වැස්සට.......

කදුළු ඒ නම් නෙතට.......
සිනහව ලඟයි මුවගට.......

ඉතින්

දැන දැනත් ඒ බව හොඳට.......
කිම ලතැවෙන්නේ මෙලෙසට.......



මේ අහන්නකෝ...



https://www.facebook.com/photo.php?fbid=286387848212531&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater






මහන්සි වී නිදාගන්න................
මං එනකල් බලන් ඉන්න..................
මගෙ ඇඳ උඩ තනි රකින්න.................
මගෙත් එක්ක නිදා ගන්න..................

සීතලේට බදාගන්න................
අදරේට තුරුල් වෙන්න..................
කෑදරේට හාදු දෙන්න.................
ආසාවට මිරිකගන්න...................

දුක හිතුනම ඇස් තෙමෙන්න................
වැටෙන කදුළු පිස දමන්න.................
තනිකම මගෙ මකාලන්න..................
නුඹට බැරිද ලඟින් ඉන්න..................

අයෙනම් මගෙ හිත හදන්න....................
කිසිම කෙනෙක් එපා එන්න.....................
නුඹ හිටියම හිත පිරෙන්න......................
හොඳටම ඇති නිදා ගන්න......................

නුඹ මා




https://www.facebook.com/photo.php?fbid=283200678531248&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater






නුඹෙ ඡායාවෙන් මා හැඩ වීලා.................
නුඹෙ සෙවනැළි මා මත රූ ඇදිලා..................
නුඹෙ නිල් පාටින් මා පැහැ වීලා...................
නොදැනිම මා නුඹ සේ සැරසීලා..................


නුඹ උස් අහසයි
මං බිම ජලයයී


නුඹ යැයි සමහරු මට රැවටීලා..................
පෙනුමෙන් නෑ නුඹ මා වෙන්වීලා..................
ක්ෂිතිජ ඉමේ දී මැව්වට ලීලා..................
කෙදිනක වත් නෑ අප හමුවීලා..................


මා නුඹගේ මයී
නුඹ මාගේ මයී


මෙතරම් සිටියත් අප පෑ හීලා..............
ඇයි නුඹ පෙනි පෙනි ඈතටවීලා...............
කඳුළු දියෙන් නුඹෙ මා උතුරාලා................
යන්නේ ඒකයි දෝරේ ගලාලා...............


හ්ම්...

නුඹ මට ඈතයී
හිමි නොම වේ මයී



මේ එනවා




https://www.facebook.com/photo.php?fbid=287993708051945&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater




මුදළාලි මාමාගේ කඩෙන්......
පුරුදු විදිහට ණය පොතෙන්......
රොටියකට පිටි ළුණු අරන්.....
ලොසිංජර උඹටත් අරන්.....

එනවා මං
මේ එනවා මං


ඇහැරියද උඹ සීතලෙන්......
වැස්ස දැක්කද වහලයෙන්.....
මේ ගොරෝ බිල්ලට හොරෙන්.....
අඬනවද තනියට බයෙන්......

මවත් මං
උඹේ පියත් මං


ණය බැනුම් මුදළාලිගෙන්.....
හෙණ ගහන හඬ පරදමින්.....
ගත තෙමෙනවා හිල් කුඩෙන්.....
කොහොම එන්නද තව සැණින්.....

ඉවසපං
පුත ඉවසපං


අනෝරා වැහි පහු කරන්......
උඹ සනසවන පිටි කිරි අරන්.....
එනවා මං තව විඟසකින්......
තව ටිකක් උඹ දොයියපන්.....

සීයා මං
උඹෙ සීයා මං


-----------------------------------------------
ඡායා රූපය- umanga rathnayake
-----------------------------------------------




හපොයී..





https://www.facebook.com/photo.php?fbid=278913645626618&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater





නැටුවට හැඩ වැඩ දාලා.................
නැහැ පෙනෙන්නේ උඹෙ ලීලා...................
නටපන් ඇඟ හැඩ මවලා.................
මොකටද බොරුවට දඟලා.................

සුදු ගත එළියට දමලා..................
නැනුවට වේගෙන් හොල්ලා.................
වගෙයි කැපුව ගැඩවිල්ලා..................
වමනෙට එනවනි මැවිලා..................

ඉයැක්..

ඔය
නටනවද
උඹ?

ඕකත් හොඳ නැටිල්ලල් තමා.
එක්තරා විදිහක.


නෙතඟ නුරා බැලුම් හෙලා....................
මුවඟ සිනා කැලුම් සලා.................
භාව මවා සමවැදිලා...................
නාරියේ මවපන් ලීලා..................


ටිකා...ක් වැඩියි




https://www.facebook.com/photo.php?fbid=276262115891771&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater





සුදු ගෑණු ළමෙක්
කරකාර බැඳන්
යමි පාර දිගේ
ඇවිඳන්..........

මම නාකි උනත්
ඇය බාල උනත්
නැහැ කාරි ඉතින්
මට නම්..............

රස මාළු බනිස්
සැන්ට් පුයර පැරිස්
හෙම නුඹට අරන්
දෙන්නම්..............

මගේ ගාව ඉඳන්
සුදු මූණ හෙමින්
ලෙව කාලා ලඟින්
ඉඳපන්............

අලේ...
ඉඳපන්කූ.......



Thursday, January 22, 2015

අහවරයි




https://www.facebook.com/photo.php?fbid=319729274878388&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater







එකෝමත් එක දිනක නුඹ කිවු
කතා සේරම ගොළුව ඇයි...

තැනින් තැන ඇති දසන් අතරින්
පනින නැළවිලි නිහඬ ඇයි...

මල් චීත්තෙන් හැඩ වැටුණු දඬු
මගේ සැප සිරි යහන කොයි...

හිස සැනසු මගෙ කෝටු අතැඟිලි
කතිර මාරුවෙ ගල්ව ඇයි...

හතර පංගුව දමා කොටනා
වංගෙඩිය පෙරලිලා දොයි...

වන්ඩු කන්නට කිරි හොද්ද බෙදු
මඩක්කුව අද මුනිං ගෙයි...

තුන් පයින් ගිය නුඹට වාරුව
දුන්න හැරමිට මුල්ලේ ඇයි...

බුදු කුටිය තුල නිතර ඳිළෙනා
පහනෙ තෙල් අද සිඳි ඇයි...

පිරුවාන පොත ඔහේ තනියම
කනප්පුවෙ පෙරළිලා ඇයි...

පෝය දොහ තව කල් තියෙද්දිත්
සුදු වතින් සැරසිලා ඇයි...

සෙනෙහෙ බරටම ඟිලී දිළෙනා
දෑස් පියවී නොසෙල්වෙයි...

හ්ම්..
කිරි වැරූ නුඹෙ වැහැරි ලැම යට
තිබූ සෙනෙහස අහවරයි...







ගමයාගෙන් පඬියාට





https://www.facebook.com/photo.php?fbid=320591304792185&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater




පන්ඩිතයෙක් උන්නලු මහ දැන මුතු
සියල්ල දත් නම ළොව දිඳුළං.....
පොත පත කීවලු ඔළු ගෙඩි පිරුනලු
වග නෑ නින්දත් එළි වෙනකං.....
හැම වැඩටම පොත හරියට බැලුවලු
වැසිකිළියෙත් ඉඳ පොත පෙරලං.....
දවසක් ගියාලු පොත තිබු විදිහට
අමුඩෙත් ඇඳගෙන ගමක් බලං.....


පිටිසර ගම් පෙත මහ ගමරාලගෙ
හේනට ආවලු පොතත් අරං.....
ඇඳලා ගත්තලු ගමයගෙ උදැල්ල
මනින්න ඕනෑ මෙහෙට දියං.....
ඕනැ එකක් කොරහං අයිබෝන්ඩ
ගමයා උන්නලු පැත්ත බලං.....
පඬියා මැන්නලු උදැල්ලෙ දිග මිට
අඟලෙන් අඟලට පොත පෙරලං.....


ඇද මෙ බම්බුව මොකක්ද ගමයෝ
කොහොමද කොටන්නෙ මේකෙන් බං.....
නරකද ''මොඩිෆයු'' කරලා ගත්තොත්
කීවලු පඬියා පොත පෙරලං.....
මෙය ඇසු ගමයට වෙසමුණි වැහුනලු
කීවලු උදැල්ල ඇදල අරං.....
ඈ බොල පඬියෝ තොට අමු කැවිලද
මෙහෙදිය උදැල්ල මට මසුරං.....


හත් අවුරුද්දක් වෙනවා මේකට
අක්කර ගානක් කෙටුවා බිං.....
හොඳහැටි වේලා ගෙන මං මේකට
ගැහුවේ මිට අර දමුන ගහෙං.....
උඹ එනවද මට ඇද කුද කියන්ට
පල මෙතනින් ඔය පොතත් අරං.....
ගමයට ඉවසුම් නෑ ආ තරහට
දුන්නලු පඬියට උදලු බඳෙං.....


පඬියා දිව්වලු එගොඩට යන්නට
පොත විසි කරලා ඒ දන්ඩෙං.....
ගඟ මැද දන්ඩට ගිය පන්ඩිතයට
කැරකිල්ලලු පොත නැතුව ඉතිං.....
ලිස්සල වැටුනලු සැඩ දොල පාරට
අමුඩේ යනවලු වතුරෙ ගහං.....
ගමයට හිනාලු පඬියට ලැජ්ජලු
එගොඩට ගියාලු අතින් වහං.....

පඬියා කීවලූ...........................


''හම්මෙ තුනටිය.
තියරිය වගේම පැට්‍රිකලුත්
එක හැටියට වටිනවා තමයි ඉතිං''






අමු ඇත්ත




https://www.facebook.com/photo.php?fbid=272029206315062&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater





උරා පැණි බොන බඹරු..........
සිටිති මල් වට පැණි තිබෙන තුරු..........

විෂ දළය තිබෙන තුරු..........
නයත් සතෙකි මහ විසකුරු..........

ගතකුරු මෙන්ම පනකුරු..........
දන්න කං මහා ගත් කරු..........

හිරු එළිය වැටෙන තුරු..........
පුන් සඳ දිළේ වටකුරු..........

කාසි ලඟ තිබෙන තුරු..........
පිරිවර සිටී නිරතුරු..........

ආළෝකය තිබෙන තුරු..........
සෙවනැළ්ලත් හිඳී ලඟ නිරතුරු..........




බස් එකක් එනතුරු






https://www.facebook.com/photo.php?fbid=310461449138504&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater






ස් ස්... නංගී..

යස් බ්රා..



පිට රට ඉඳල ආවේ නුඹ ලඟකදිද.......

සිය රට වචන නංගිට දැන් අමතකද........

ඒජන්සියක වැඩ මං
නැති බැරි කමට........
රටවල් කිහිපයක 

භාෂා හුරුය මට........


ෆයිල් මිටිය ලැමටම තද වී මොකද........

මයිල් කෙලිං වෙන්නට වගෙ සීතලද........

වටිනා ලියකිවිලි
සේරම බාර මට........
කරණා රස්සාව
වටිනවා වියදමට........



රන් වන් පාට කෙස් කොට කපලා මොකද.........

වෙන් වෙන් නැතුව කරලට ගොතනට බැරිද........

ගත වෙහෙසිලා විත්
නා ගන්නේ හයට.........
තෙත බේරෙන්න පහසුයි
මේ කොන්ඩයට........



පෙරහැර බොරු කකුල් නැටුමට දක්ශයිද........

හිරුහැර උස අඩිය පය පැළඳන් මොකද........

උස නෑ ෆයිල් මිටි
ගන්නට රාක්කෙට........
කිසි පහසුවක් නෑ
සත්තයි මෙය පයට........



සාය දණ ලඟට ඇඳලා ඔය මොකද........

වේස පෙනුම එළියට එනවා නේද........

කැමතිය විලුඹ දක්වා
අඳිනට හැඩට........
නොහැකිය අඩිය තැබුමට
වේගෙන් වැඩට........



හම්මේ ඉතින්..

කිතුලට නැග්ග මිනිහට කරුනුත් නැතිද........
නුඹලට ඉතින් කල දවසක් කොයි වෙත්ද........

හ්ම්..
බස් එක එනව යන්නම් 
අයියේ වැඩට........
ඕවට වඩා මගෙ හිත බය
රතු ඉරට........


-----------------------------------------------------------------
වචන පණ ගන්වන සිතුවම :- Athula Siriwardhane
-----------------------------------------------------------------


Wednesday, January 21, 2015

උත්තමාචාරය





https://www.facebook.com/photo.php?fbid=319186471599335&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater




අව්වෙ වැස්සේ අසසෙ දියඹේ
රිංගලා මහ කැළේ මැද්දේ


බට්ටො මරුවැල් ආටි මල්ටී
අතර පෙරටම කරපු යුද්දේ


අත පයද හිස් බෙලිද මොළ ගෙඩි
සිය දහස් දුක් උනුයි වින්දේ


මනාපෙට උන් මතක් වෙන්නේ
උන් නමින් තව කතිර යැද්දේ


නිල් ද රතු කොල කහත් එන්නේ
අනේ උබලගේ බම්ඹු ඡන්දේ


ලේ හලපු තැන උන්ගෙ තනියට
අරලියා සුදු නොමැත බැද්දේ


අනික් පැත්තට ඇනපු අවියේ
කෙලවරට හිස් වැසුම රැන්ඳේ


මෙහෙයුම අවසන්
ඕව..

හැබැයි......




පොල් සහ ඇය




https://www.facebook.com/photo.php?fbid=312017058982943&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater





ගුණ ►
පොල් - කෙඳි පරදන සිහින් නයන.............. බැම
පොල් - බොඩ පැහැ පර නුඹේ සිනිඳු............. සම
පොල් - ගෙඩි වැනි නුඹෙ නාරි රවුම්............ ලැම
පොල් - මල් සේ ගෙතු දිගටි කේස................ දම
.
පොල් - මුල් අග මෙන් සුදු උල් ණිය............ පෙල
පොල් - පිති මුල හැඩ පුළුල් නිතඹ.............. ළෙල
පොල් - මද සේ මෙළෙකයි ඇගෙ උඩු........ තොල
පොල් - අතු ලෙස පැද්දෙයි ගමනට............. ගෙල

අගුණ ►
පොල් - කටු වද්දන සේ ඇගෙ කට............... හඬ
පොල් - කොටයක හැඩ සම වේ ඔය............. බඩ
පොල් - ඉරටුව පරදයි අත් පා..................... හැඩ
පොල් - කීරක සැර මට නම් ඔය................. වැඩ
.
පොල් - කුරුවල් පරදන ඇගෙ වත............... ගඳ
පොල් - පිත්තෙන් නෙලනට හැක හැඩ......... කඳ
පොල් - මිල සේ චල ආල කරණ.................. සඳ
පොල් - ගස උඩ නැගි මේ මගෙ පොල්......... කඳ

නෑ නෑ..
රං කඳ

ගොහිං එඤ්ඤං මැණිකේ..








කඩුල්ලේ උඩ පොලු බිමට දමාපං
උගෙ තෙත අමුඩේ එළියේ වනාපං
තනි උනහම නැළවිලි ගී ගයපං
මං හනිකට එන බව අඟවාපං


හැන්දෑවට පැල මලයට දෙංඤං
පිළ්කඩ උඩ උඹ ගෙට කැන්දංඤං
මදි පාළුව උඹේ අහක දමංඤං
සිල් බිඳ පං පැඳුරෙදි ලං වෙංඤං


හම්මේ බෑ..


ඇඟ හෙප්පං බිම තඩි ගහලම දැං
තෙලිජ්ජ බිංඳක් තොල ගෑවා මං
උදැල්ලවත් නිච්චිත් නෑ දැන්නං
වැව් කන්ඩිය පාවුල බුදියන්නං


ඉර පායනකොට හිස වට කැක්කුං
ඇස් ඇරුනම වට පිට බලු කුක්කං
මැණිකේ පොරොන්ඳු සේරම දැන්සුං
සමාව අහකට මං දැන් නොහොබිං


මයේ මැණිකේ..

මැණිකෙගෙ ඔළුවේ මත දිවුරංඤං
රා මන්ඩිය මඟහැර ගෙට එංඤං
උඹෙ අප්පත් හෙට මුලිච්චි වෙංඤං
තෙලිජ්ජ බොන් නෑ පොරොන්ඳු වෙංඤං


අනේ මේ....
මං නොදන්න
ඔහෙගෙ පොරොන්ඳුව...



පුංචි කමට






https://www.facebook.com/photo.php?fbid=303415586509757&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater





නිවන් දකින්නට හාන්කවිසියක්
තිබුනේ නෑ මගේ හිත ඇඳිලා............

පාසැල් ඇරුනම වැව් තාවුල්ලට
යන්නේ සෙල්ලමටයි පැනලා...........

අම්ම නංගියෙක් ගේන්න යන බව
සිහිනෙන් වාගේ මට පෙනිලා............

තුනට කැඩුව ළුණු පොල් නැති රොටියක්
හතරට කඩන්න මදි හිතිලා.............

පොත් ටික අරගෙන අම්මට වැඳලා
ආවා පන්සල වෙත දුවලා............

හ්ම්...

කසාවතට දැන් මගෙ කෙළි සෙළ්ලම්
පුංචි ළමා සිත ඇත නිමිලා...........

නොකැඩෙන ලෙස මගේ සිත මේ මළුවට
දස සිල් ලනුවෙන් දැන් බැඳිලා...........



======================================================================
රස අදහසක්
http://rasawindhana.blogspot.com/2014/09/blog-post.html



බුදු සරණයි අම්මේ..



https://www.facebook.com/photo.php?fbid=279046085613374&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater



ලෝබ නැතුව රසට පොවා නුඹ මට කිරි.......බිංඳු.................බිංඳු
විඳගෙන කරදර බාදක මට සුර සැප........කැන්ඳු..............කැන්ඳු

දිවි මග දී පෙන්නා මට කඳු පළ්ලම්..............වංගු.................වංගූ
මා සුමඟට ගත්තා නුඹ කර ආදර...............රන්ඩු...............රන්ඩූ

සඟවාගෙන කදුලු බිංඳු සිනහව මුව............රැන්දු...............රැන්දූ
නුඹ ගැන අමුණා කියන්න නෑ මට කවි........සිංදු..................සිංදූ

සලකන්නම් අද මං හැකි පමණට දී............හාදු...................හාදූ
බුදු සරණයි මගේ අම්මට වදිනෙමි පා........සාදු...................සාදු





උඹ කව්ද මගේ










සිතඟ ඔතරම් දුක දරන්නට
                                 කොහෙන්දෝ හුරු උනේ...
මතක කිසිවක් කියන් නෑ මට
                                 පියා මගෙ කොයි ගියේ...
දෙතන බර වී නෑ තවම උඹ
                                 නාම්බං මැදි වියේ...
හමන කට කිරි සුවඳ රැඳි උඹ
                                කෙළෙස මට මව් උනේ...


හිච්චි සංදියේ ඉඳන් නුඹමයි
                                මට ළොවම පෙන්නුවේ...
වච්චි කියලා දුවන ළමයින්
                                මොකද අපි කොන් කළේ...
බච්චි කෙල්ළලු ගමම අපුලයි
                                කිමද ඒ කාරණේ...
නිච්චි නැතුවද පහදපන් මට
                                මෙහෙම ඇයි අපි දුකේ...


මව් මරා ඉපදුන එකා මං
                                කියා හංවඩු උනේ...
පව් මගේ බර හේදුවලු උඹ
                                වට පිටෙන් මට ඇසේ...
ඉව් බතට ලුණු උඹෙ කඳුළු වග
                                කුණු රසෙන් මට දැනේ...
දැව් වෙනා මේ හදෙ කටු තුඩ
                                ගලවපන් දැන් මගේ...


හ්ම්ම්..


හොඳට හිනැහී කපටි පිළිතුරු
                                අදත් මුව රැන්ඳුවේ...
සිතට බොරු කර කදුළු හංගා
                                මටද ඔය හිනැහුනේ...
සතුට විතරයි කිසිවිටෙක දුක්
                                නැත උඹෙන් දිස් උනේ...
ලඟට අරගන මා සිඹිනකොට
                                හද සොයුරු පෙම දැනේ...

තවත් දෑ....