එකෝමත් එක දිනක නුඹ කිවු
කතා සේරම ගොළුව ඇයි...
තැනින් තැන ඇති දසන් අතරින්
පනින නැළවිලි නිහඬ ඇයි...
මල් චීත්තෙන් හැඩ වැටුණු දඬු
මගේ සැප සිරි යහන කොයි...
හිස සැනසු මගෙ කෝටු අතැඟිලි
කතිර මාරුවෙ ගල්ව ඇයි...
හතර පංගුව දමා කොටනා
වංගෙඩිය පෙරලිලා දොයි...
වන්ඩු කන්නට කිරි හොද්ද බෙදු
මඩක්කුව අද මුනිං ගෙයි...
තුන් පයින් ගිය නුඹට වාරුව
දුන්න හැරමිට මුල්ලේ ඇයි...
බුදු කුටිය තුල නිතර ඳිළෙනා
පහනෙ තෙල් අද සිඳි ඇයි...
පිරුවාන පොත ඔහේ තනියම
කනප්පුවෙ පෙරළිලා ඇයි...
පෝය දොහ තව කල් තියෙද්දිත්
සුදු වතින් සැරසිලා ඇයි...
සෙනෙහෙ බරටම ඟිලී දිළෙනා
දෑස් පියවී නොසෙල්වෙයි...
හ්ම්..
කිරි වැරූ නුඹෙ වැහැරි ලැම යට
තිබූ සෙනෙහස අහවරයි...
No comments:
Post a Comment