Saturday, August 13, 2016

නැළවිල්ල






මුදුන් යටේ දිරපු දොහේ හිට පෙරදා
පටන් ගෙදර අඬ දබරය ඇත සැමදා
දෙකන් තෝඩු උගස් කරේ ගිය ඉරිදා
ඉඩන් හබේ නිසයි පුතේ එන සඳුදා

කඩෙන් ගේන ණය පිටු ටික අහවරදා   
හිඟන් කන්ට වෙයි පොත් ටික අහකටදා
දුකින් ගෙවන මේ පව් බර පොලිය හදා

ගෙවන්ඇහැකි මා පුත උබ ලොකු උනදා 


No comments:

Post a Comment

තවත් දෑ....