විසි කරපු කවි



මා කුඹුරේය ඇය ආවේ නියරේය
පෑ මදහාස දැක මා සිත සැලුනේය
වී මනලෝල ඈ හට ඉඟි කෙරුවේය
ඒ දඟකාර ඈ වක්කඩ පල්ලේය


https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/1002240276627281

එලිවැටක් පෙළට නැති
මාත්‍රා කොහෙද නැති
කවියක්ය අරැත ඇති 

නුඹේ සිත ගයනු හැකි


https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/571448223039824?pnref=story




අනුරපුරේ උඩ මලුවම පිච්චමලින් සරසවන්න
දෙවෙනි වරත් මං ආවා මුලටම පෙරහරේ යන්න
වෙහෙර බිමේ කොතැනක හෝ මා දැක්කොත් අඳුනගන්න
ලඟට ඇවිත් හෙමි හෙමිහිට මේ කවියම මට කියන්න

https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/560953467422633




මංජු මාමා සමඟ පැටලීම

ඉර - අල්ලන්ට තරු වට දුවනා ---------------- ලෙසම
පෙර - කවි දකිනකොට මුව හිනැහෙයි --------- මටම
බර - වැඩි උනත් ඇති වැඩ මගෙ හිස ----------- මතම
වෙර - ගෙන ලියමි හැකි හැටියට අද -------- මෙහෙම

https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/525095971008383?pnref=story




සොඳුරු කවියක
පෙළක තනුවක
උබත් හිටියා
එළිවැටක් වී..


පිදුරු අඟුවක
ගමක හෙවනක
මමත් ලිවුවා
උබට කවි ගී..


https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/558488211002492




අරුමෙකි
----------

අහස නපුරුය
සුළඟ දරුණුය
පොලොව එනමුත්
තවම නිසලය...



දෑස සසලය
මුවද පරුසය
මහද එනමුත්
නුඹට ලබැඳිය...

https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/534856013365712



දොරේ අගුලු හිර කරපං
ලාම්පුවේ දැලි කඩපං
මල් පැඳුරේ තනි රැකපං
එන පෝයට මං එනකං


https://www.facebook.com/chanaka.rajakaruna.37/posts/528730077311639



පැලටත් - දුරයි අඹුවත් ඇති පිලට_______ වෙලා
විදිළිත් - කොටයි අඳුරත් ඇත ලඟා______ වෙලා
සරමත් - ලෙහී අමුඩෙත් දැං බුරුල්______ වෙලා
එනමුත් - හිතේ තවමත් කවි මෝදු______ වෙලා



මගේ හිත හදා ගමි.
__________________

නොමැති
විට
ලඟ
පෑනක්
කොලයක්

ලියනට
සිතට ආ
අදහසක්
කවියක්

දැනෙනවා
තදින්
මට
බෝ
දුකක්
තරහවක්

හ්ම්...

ඒක මේ
කොහෙද
යන
පලක් නැති
කතාවක්


No comments:

Post a Comment

තවත් දෑ....