https://www.facebook.com/photo.php?fbid=320591304792185&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater
පන්ඩිතයෙක් උන්නලු මහ දැන මුතු
සියල්ල දත් නම ළොව දිඳුළං.....
පොත පත කීවලු ඔළු ගෙඩි පිරුනලු
වග නෑ නින්දත් එළි වෙනකං.....
හැම වැඩටම පොත හරියට බැලුවලු
වැසිකිළියෙත් ඉඳ පොත පෙරලං.....
දවසක් ගියාලු පොත තිබු විදිහට
අමුඩෙත් ඇඳගෙන ගමක් බලං.....
පිටිසර ගම් පෙත මහ ගමරාලගෙ
හේනට ආවලු පොතත් අරං.....
ඇඳලා ගත්තලු ගමයගෙ උදැල්ල
මනින්න ඕනෑ මෙහෙට දියං.....
ඕනැ එකක් කොරහං අයිබෝන්ඩ
ගමයා උන්නලු පැත්ත බලං.....
පඬියා මැන්නලු උදැල්ලෙ දිග මිට
අඟලෙන් අඟලට පොත පෙරලං.....
ඇද මෙ බම්බුව මොකක්ද ගමයෝ
කොහොමද කොටන්නෙ මේකෙන් බං.....
නරකද ''මොඩිෆයු'' කරලා ගත්තොත්
කීවලු පඬියා පොත පෙරලං.....
මෙය ඇසු ගමයට වෙසමුණි වැහුනලු
කීවලු උදැල්ල ඇදල අරං.....
ඈ බොල පඬියෝ තොට අමු කැවිලද
මෙහෙදිය උදැල්ල මට මසුරං.....
හත් අවුරුද්දක් වෙනවා මේකට
අක්කර ගානක් කෙටුවා බිං.....
හොඳහැටි වේලා ගෙන මං මේකට
ගැහුවේ මිට අර දමුන ගහෙං.....
උඹ එනවද මට ඇද කුද කියන්ට
පල මෙතනින් ඔය පොතත් අරං.....
ගමයට ඉවසුම් නෑ ආ තරහට
දුන්නලු පඬියට උදලු බඳෙං.....
පඬියා දිව්වලු එගොඩට යන්නට
පොත විසි කරලා ඒ දන්ඩෙං.....
ගඟ මැද දන්ඩට ගිය පන්ඩිතයට
කැරකිල්ලලු පොත නැතුව ඉතිං.....
ලිස්සල වැටුනලු සැඩ දොල පාරට
අමුඩේ යනවලු වතුරෙ ගහං.....
ගමයට හිනාලු පඬියට ලැජ්ජලු
එගොඩට ගියාලු අතින් වහං.....
පඬියා කීවලූ...........................
''හම්මෙ තුනටිය.
තියරිය වගේම පැට්‍රිකලුත්
එක හැටියට වටිනවා තමයි ඉතිං''
No comments:
Post a Comment