කොහෙන්දෝ මං ඇහින්දේ
ලැමැද කිරි හංගලා රුව රැක
පිටි කිරෙහි රස හුරු කළා මට
රබර් ඇබ තන පුඩුව ලං කර
නිදි සුවෙහි සැතපලා මා
නුඹ……
ඇඳ නුහුරු තද ඩෙනිම නිතඹට
දුක මකා මුව පුයර ගාගෙන
කලු තොලේ රතු සිනා පාගෙන
ගියා සවසට වීදියට
නුඹ…….
පව්කාර ඒ වීදි අඳුරට
මගේ කිරි ලැම හඬා බිලි කොට
මගේ ලඟ ලය තබා තනියට
විකුණුවා මා නමින් ගත
නුඹ…….
නැග එකෙක් පිට නුඹ දවනකොට
තව එකෙක් විත් කෙළ හලනකොට
සිහිනයෙන් නුඹ මා සිඹිනකොට
ඇහැරවයි උන් රිදවමින්
නුඹ…….
කාසි කැට හෙව්වා ගතින් හුඟ
කඳුළු කැට සඟවා හොරෙන් මට
වෙහෙස වී රකිනා මගේ පන
උඹද මගෙ මව් කියාපන්
මට…….
No comments:
Post a Comment