Sunday, January 25, 2015

වාව්...





https://www.facebook.com/photo.php?fbid=286998284818154&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater







පාසැල් නිම වී කම්මැළි අරීන්න
වෙරලට ආවද අද -- මන්ඩේ...........
පමාවෙලා අද ගෙදරින් එන්නැති
කරලට ගොතලා නෑ -- කොන්ඩේ............

රෝස පුලුං ගුලි වාගෙයි කම්මුල්
මුහුණේ ගාලා -- මකරන්දේ..............
හීණිම හීණීයි නුඹේ දිගැස් ඹැම
පොල් කෙන්දක් තියලද -- ඇන්දේ............

තොල් රතු පාටයි අව්වට දිළිසෙයි
හැඩ මතු වෙනවා අඹ -- දල්ලේ.............
ගල් පර නැතුවට අඩුව මකන්නද
ලැම ඔය හැටි ඉස්සී -- වෙරලේ............

රෙද්දේ සිනිඳුවට හේහා පේනවා
වරදක් නැතුවැති උඹේ -- අතේ...........
ඉන්න සැම්පලේ හරි නෑ වෙන්නැති
හිරට තද වෙලා ඇදුම -- ගතේ.............

මුහුදු හුළං සැර වැඩි හින්ඳ ද ඔය
ගව්ම දණෙන් උඩ -- ඉස්සෙන්නේ............
නොමිලේ හම්බුන සුදු රෙදි යාරේ
දිග මදිවද දන්නෙත් -- නෑනේ............

අර ලෝකෙම හොළ්ලන මොකක්ද - තරගෙට
කියලා වැඩක් නෑ උඹේ -- අගේ............
මං නිකමට කිවේ කට හොඳ නෑ මගේ
සමාවෙයන් මට චූටි -- නගේ...........

හම්මේ
මන්ද
ඉතිං


ඔය විච්චූරන මේ සුදු ඇඳුමට
ගැළපෙනවද සැක මතු -- වෙන්නේ.............
පාසල් යනවද මගුලක යනවද
මට නම් නෑ එය -- වැටහෙන්නේ...........



---------------------------------------------------------------------------------------------------------------------------------------------
ඡායාරූපය- ''
Athula Siriwardhane'' විසින් සකසන ලද්දකි.
ඔබට පින්

මෙය මා කවි මඟ හැරවුම් ලක්ශයක් වූ කවියකි.

මේ පින්තූරය අතුල සිරිවර්ධන මහතා විසින් ඇඳ නොදුන්නා නම් මා යළි කිසිවක්  නොලියන්ට ඉඩ තිබුනා.

බොහෝ විට
--------------------------------------------------------------------------------------------------------------------------------------------



ඉවසන් ඉන්නම බැරිද?




https://www.facebook.com/photo.php?fbid=275506545967328&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater






බසින මුත් හිරු හවසට.......
නව හිරු නැගෙයි උදයට.......

නැග්ගොතිත් මහ කන්දකට.......
පල්ලම පෙනේ පහලට.......

පායයි නම් තදට.......
කාලය ලඟයි වැස්සට.......

කදුළු ඒ නම් නෙතට.......
සිනහව ලඟයි මුවගට.......

ඉතින්

දැන දැනත් ඒ බව හොඳට.......
කිම ලතැවෙන්නේ මෙලෙසට.......



මේ අහන්නකෝ...



https://www.facebook.com/photo.php?fbid=286387848212531&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater






මහන්සි වී නිදාගන්න................
මං එනකල් බලන් ඉන්න..................
මගෙ ඇඳ උඩ තනි රකින්න.................
මගෙත් එක්ක නිදා ගන්න..................

සීතලේට බදාගන්න................
අදරේට තුරුල් වෙන්න..................
කෑදරේට හාදු දෙන්න.................
ආසාවට මිරිකගන්න...................

දුක හිතුනම ඇස් තෙමෙන්න................
වැටෙන කදුළු පිස දමන්න.................
තනිකම මගෙ මකාලන්න..................
නුඹට බැරිද ලඟින් ඉන්න..................

අයෙනම් මගෙ හිත හදන්න....................
කිසිම කෙනෙක් එපා එන්න.....................
නුඹ හිටියම හිත පිරෙන්න......................
හොඳටම ඇති නිදා ගන්න......................

නුඹ මා




https://www.facebook.com/photo.php?fbid=283200678531248&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater






නුඹෙ ඡායාවෙන් මා හැඩ වීලා.................
නුඹෙ සෙවනැළි මා මත රූ ඇදිලා..................
නුඹෙ නිල් පාටින් මා පැහැ වීලා...................
නොදැනිම මා නුඹ සේ සැරසීලා..................


නුඹ උස් අහසයි
මං බිම ජලයයී


නුඹ යැයි සමහරු මට රැවටීලා..................
පෙනුමෙන් නෑ නුඹ මා වෙන්වීලා..................
ක්ෂිතිජ ඉමේ දී මැව්වට ලීලා..................
කෙදිනක වත් නෑ අප හමුවීලා..................


මා නුඹගේ මයී
නුඹ මාගේ මයී


මෙතරම් සිටියත් අප පෑ හීලා..............
ඇයි නුඹ පෙනි පෙනි ඈතටවීලා...............
කඳුළු දියෙන් නුඹෙ මා උතුරාලා................
යන්නේ ඒකයි දෝරේ ගලාලා...............


හ්ම්...

නුඹ මට ඈතයී
හිමි නොම වේ මයී



මේ එනවා




https://www.facebook.com/photo.php?fbid=287993708051945&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater




මුදළාලි මාමාගේ කඩෙන්......
පුරුදු විදිහට ණය පොතෙන්......
රොටියකට පිටි ළුණු අරන්.....
ලොසිංජර උඹටත් අරන්.....

එනවා මං
මේ එනවා මං


ඇහැරියද උඹ සීතලෙන්......
වැස්ස දැක්කද වහලයෙන්.....
මේ ගොරෝ බිල්ලට හොරෙන්.....
අඬනවද තනියට බයෙන්......

මවත් මං
උඹේ පියත් මං


ණය බැනුම් මුදළාලිගෙන්.....
හෙණ ගහන හඬ පරදමින්.....
ගත තෙමෙනවා හිල් කුඩෙන්.....
කොහොම එන්නද තව සැණින්.....

ඉවසපං
පුත ඉවසපං


අනෝරා වැහි පහු කරන්......
උඹ සනසවන පිටි කිරි අරන්.....
එනවා මං තව විඟසකින්......
තව ටිකක් උඹ දොයියපන්.....

සීයා මං
උඹෙ සීයා මං


-----------------------------------------------
ඡායා රූපය- umanga rathnayake
-----------------------------------------------




හපොයී..





https://www.facebook.com/photo.php?fbid=278913645626618&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater





නැටුවට හැඩ වැඩ දාලා.................
නැහැ පෙනෙන්නේ උඹෙ ලීලා...................
නටපන් ඇඟ හැඩ මවලා.................
මොකටද බොරුවට දඟලා.................

සුදු ගත එළියට දමලා..................
නැනුවට වේගෙන් හොල්ලා.................
වගෙයි කැපුව ගැඩවිල්ලා..................
වමනෙට එනවනි මැවිලා..................

ඉයැක්..

ඔය
නටනවද
උඹ?

ඕකත් හොඳ නැටිල්ලල් තමා.
එක්තරා විදිහක.


නෙතඟ නුරා බැලුම් හෙලා....................
මුවඟ සිනා කැලුම් සලා.................
භාව මවා සමවැදිලා...................
නාරියේ මවපන් ලීලා..................


ටිකා...ක් වැඩියි




https://www.facebook.com/photo.php?fbid=276262115891771&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater





සුදු ගෑණු ළමෙක්
කරකාර බැඳන්
යමි පාර දිගේ
ඇවිඳන්..........

මම නාකි උනත්
ඇය බාල උනත්
නැහැ කාරි ඉතින්
මට නම්..............

රස මාළු බනිස්
සැන්ට් පුයර පැරිස්
හෙම නුඹට අරන්
දෙන්නම්..............

මගේ ගාව ඉඳන්
සුදු මූණ හෙමින්
ලෙව කාලා ලඟින්
ඉඳපන්............

අලේ...
ඉඳපන්කූ.......



Thursday, January 22, 2015

අහවරයි




https://www.facebook.com/photo.php?fbid=319729274878388&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater







එකෝමත් එක දිනක නුඹ කිවු
කතා සේරම ගොළුව ඇයි...

තැනින් තැන ඇති දසන් අතරින්
පනින නැළවිලි නිහඬ ඇයි...

මල් චීත්තෙන් හැඩ වැටුණු දඬු
මගේ සැප සිරි යහන කොයි...

හිස සැනසු මගෙ කෝටු අතැඟිලි
කතිර මාරුවෙ ගල්ව ඇයි...

හතර පංගුව දමා කොටනා
වංගෙඩිය පෙරලිලා දොයි...

වන්ඩු කන්නට කිරි හොද්ද බෙදු
මඩක්කුව අද මුනිං ගෙයි...

තුන් පයින් ගිය නුඹට වාරුව
දුන්න හැරමිට මුල්ලේ ඇයි...

බුදු කුටිය තුල නිතර ඳිළෙනා
පහනෙ තෙල් අද සිඳි ඇයි...

පිරුවාන පොත ඔහේ තනියම
කනප්පුවෙ පෙරළිලා ඇයි...

පෝය දොහ තව කල් තියෙද්දිත්
සුදු වතින් සැරසිලා ඇයි...

සෙනෙහෙ බරටම ඟිලී දිළෙනා
දෑස් පියවී නොසෙල්වෙයි...

හ්ම්..
කිරි වැරූ නුඹෙ වැහැරි ලැම යට
තිබූ සෙනෙහස අහවරයි...







ගමයාගෙන් පඬියාට





https://www.facebook.com/photo.php?fbid=320591304792185&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater




පන්ඩිතයෙක් උන්නලු මහ දැන මුතු
සියල්ල දත් නම ළොව දිඳුළං.....
පොත පත කීවලු ඔළු ගෙඩි පිරුනලු
වග නෑ නින්දත් එළි වෙනකං.....
හැම වැඩටම පොත හරියට බැලුවලු
වැසිකිළියෙත් ඉඳ පොත පෙරලං.....
දවසක් ගියාලු පොත තිබු විදිහට
අමුඩෙත් ඇඳගෙන ගමක් බලං.....


පිටිසර ගම් පෙත මහ ගමරාලගෙ
හේනට ආවලු පොතත් අරං.....
ඇඳලා ගත්තලු ගමයගෙ උදැල්ල
මනින්න ඕනෑ මෙහෙට දියං.....
ඕනැ එකක් කොරහං අයිබෝන්ඩ
ගමයා උන්නලු පැත්ත බලං.....
පඬියා මැන්නලු උදැල්ලෙ දිග මිට
අඟලෙන් අඟලට පොත පෙරලං.....


ඇද මෙ බම්බුව මොකක්ද ගමයෝ
කොහොමද කොටන්නෙ මේකෙන් බං.....
නරකද ''මොඩිෆයු'' කරලා ගත්තොත්
කීවලු පඬියා පොත පෙරලං.....
මෙය ඇසු ගමයට වෙසමුණි වැහුනලු
කීවලු උදැල්ල ඇදල අරං.....
ඈ බොල පඬියෝ තොට අමු කැවිලද
මෙහෙදිය උදැල්ල මට මසුරං.....


හත් අවුරුද්දක් වෙනවා මේකට
අක්කර ගානක් කෙටුවා බිං.....
හොඳහැටි වේලා ගෙන මං මේකට
ගැහුවේ මිට අර දමුන ගහෙං.....
උඹ එනවද මට ඇද කුද කියන්ට
පල මෙතනින් ඔය පොතත් අරං.....
ගමයට ඉවසුම් නෑ ආ තරහට
දුන්නලු පඬියට උදලු බඳෙං.....


පඬියා දිව්වලු එගොඩට යන්නට
පොත විසි කරලා ඒ දන්ඩෙං.....
ගඟ මැද දන්ඩට ගිය පන්ඩිතයට
කැරකිල්ලලු පොත නැතුව ඉතිං.....
ලිස්සල වැටුනලු සැඩ දොල පාරට
අමුඩේ යනවලු වතුරෙ ගහං.....
ගමයට හිනාලු පඬියට ලැජ්ජලු
එගොඩට ගියාලු අතින් වහං.....

පඬියා කීවලූ...........................


''හම්මෙ තුනටිය.
තියරිය වගේම පැට්‍රිකලුත්
එක හැටියට වටිනවා තමයි ඉතිං''






අමු ඇත්ත




https://www.facebook.com/photo.php?fbid=272029206315062&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater





උරා පැණි බොන බඹරු..........
සිටිති මල් වට පැණි තිබෙන තුරු..........

විෂ දළය තිබෙන තුරු..........
නයත් සතෙකි මහ විසකුරු..........

ගතකුරු මෙන්ම පනකුරු..........
දන්න කං මහා ගත් කරු..........

හිරු එළිය වැටෙන තුරු..........
පුන් සඳ දිළේ වටකුරු..........

කාසි ලඟ තිබෙන තුරු..........
පිරිවර සිටී නිරතුරු..........

ආළෝකය තිබෙන තුරු..........
සෙවනැළ්ලත් හිඳී ලඟ නිරතුරු..........




බස් එකක් එනතුරු






https://www.facebook.com/photo.php?fbid=310461449138504&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater






ස් ස්... නංගී..

යස් බ්රා..



පිට රට ඉඳල ආවේ නුඹ ලඟකදිද.......

සිය රට වචන නංගිට දැන් අමතකද........

ඒජන්සියක වැඩ මං
නැති බැරි කමට........
රටවල් කිහිපයක 

භාෂා හුරුය මට........


ෆයිල් මිටිය ලැමටම තද වී මොකද........

මයිල් කෙලිං වෙන්නට වගෙ සීතලද........

වටිනා ලියකිවිලි
සේරම බාර මට........
කරණා රස්සාව
වටිනවා වියදමට........



රන් වන් පාට කෙස් කොට කපලා මොකද.........

වෙන් වෙන් නැතුව කරලට ගොතනට බැරිද........

ගත වෙහෙසිලා විත්
නා ගන්නේ හයට.........
තෙත බේරෙන්න පහසුයි
මේ කොන්ඩයට........



පෙරහැර බොරු කකුල් නැටුමට දක්ශයිද........

හිරුහැර උස අඩිය පය පැළඳන් මොකද........

උස නෑ ෆයිල් මිටි
ගන්නට රාක්කෙට........
කිසි පහසුවක් නෑ
සත්තයි මෙය පයට........



සාය දණ ලඟට ඇඳලා ඔය මොකද........

වේස පෙනුම එළියට එනවා නේද........

කැමතිය විලුඹ දක්වා
අඳිනට හැඩට........
නොහැකිය අඩිය තැබුමට
වේගෙන් වැඩට........



හම්මේ ඉතින්..

කිතුලට නැග්ග මිනිහට කරුනුත් නැතිද........
නුඹලට ඉතින් කල දවසක් කොයි වෙත්ද........

හ්ම්..
බස් එක එනව යන්නම් 
අයියේ වැඩට........
ඕවට වඩා මගෙ හිත බය
රතු ඉරට........


-----------------------------------------------------------------
වචන පණ ගන්වන සිතුවම :- Athula Siriwardhane
-----------------------------------------------------------------


Wednesday, January 21, 2015

උත්තමාචාරය





https://www.facebook.com/photo.php?fbid=319186471599335&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater




අව්වෙ වැස්සේ අසසෙ දියඹේ
රිංගලා මහ කැළේ මැද්දේ


බට්ටො මරුවැල් ආටි මල්ටී
අතර පෙරටම කරපු යුද්දේ


අත පයද හිස් බෙලිද මොළ ගෙඩි
සිය දහස් දුක් උනුයි වින්දේ


මනාපෙට උන් මතක් වෙන්නේ
උන් නමින් තව කතිර යැද්දේ


නිල් ද රතු කොල කහත් එන්නේ
අනේ උබලගේ බම්ඹු ඡන්දේ


ලේ හලපු තැන උන්ගෙ තනියට
අරලියා සුදු නොමැත බැද්දේ


අනික් පැත්තට ඇනපු අවියේ
කෙලවරට හිස් වැසුම රැන්ඳේ


මෙහෙයුම අවසන්
ඕව..

හැබැයි......




පොල් සහ ඇය




https://www.facebook.com/photo.php?fbid=312017058982943&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater





ගුණ ►
පොල් - කෙඳි පරදන සිහින් නයන.............. බැම
පොල් - බොඩ පැහැ පර නුඹේ සිනිඳු............. සම
පොල් - ගෙඩි වැනි නුඹෙ නාරි රවුම්............ ලැම
පොල් - මල් සේ ගෙතු දිගටි කේස................ දම
.
පොල් - මුල් අග මෙන් සුදු උල් ණිය............ පෙල
පොල් - පිති මුල හැඩ පුළුල් නිතඹ.............. ළෙල
පොල් - මද සේ මෙළෙකයි ඇගෙ උඩු........ තොල
පොල් - අතු ලෙස පැද්දෙයි ගමනට............. ගෙල

අගුණ ►
පොල් - කටු වද්දන සේ ඇගෙ කට............... හඬ
පොල් - කොටයක හැඩ සම වේ ඔය............. බඩ
පොල් - ඉරටුව පරදයි අත් පා..................... හැඩ
පොල් - කීරක සැර මට නම් ඔය................. වැඩ
.
පොල් - කුරුවල් පරදන ඇගෙ වත............... ගඳ
පොල් - පිත්තෙන් නෙලනට හැක හැඩ......... කඳ
පොල් - මිල සේ චල ආල කරණ.................. සඳ
පොල් - ගස උඩ නැගි මේ මගෙ පොල්......... කඳ

නෑ නෑ..
රං කඳ

ගොහිං එඤ්ඤං මැණිකේ..








කඩුල්ලේ උඩ පොලු බිමට දමාපං
උගෙ තෙත අමුඩේ එළියේ වනාපං
තනි උනහම නැළවිලි ගී ගයපං
මං හනිකට එන බව අඟවාපං


හැන්දෑවට පැල මලයට දෙංඤං
පිළ්කඩ උඩ උඹ ගෙට කැන්දංඤං
මදි පාළුව උඹේ අහක දමංඤං
සිල් බිඳ පං පැඳුරෙදි ලං වෙංඤං


හම්මේ බෑ..


ඇඟ හෙප්පං බිම තඩි ගහලම දැං
තෙලිජ්ජ බිංඳක් තොල ගෑවා මං
උදැල්ලවත් නිච්චිත් නෑ දැන්නං
වැව් කන්ඩිය පාවුල බුදියන්නං


ඉර පායනකොට හිස වට කැක්කුං
ඇස් ඇරුනම වට පිට බලු කුක්කං
මැණිකේ පොරොන්ඳු සේරම දැන්සුං
සමාව අහකට මං දැන් නොහොබිං


මයේ මැණිකේ..

මැණිකෙගෙ ඔළුවේ මත දිවුරංඤං
රා මන්ඩිය මඟහැර ගෙට එංඤං
උඹෙ අප්පත් හෙට මුලිච්චි වෙංඤං
තෙලිජ්ජ බොන් නෑ පොරොන්ඳු වෙංඤං


අනේ මේ....
මං නොදන්න
ඔහෙගෙ පොරොන්ඳුව...



පුංචි කමට






https://www.facebook.com/photo.php?fbid=303415586509757&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater





නිවන් දකින්නට හාන්කවිසියක්
තිබුනේ නෑ මගේ හිත ඇඳිලා............

පාසැල් ඇරුනම වැව් තාවුල්ලට
යන්නේ සෙල්ලමටයි පැනලා...........

අම්ම නංගියෙක් ගේන්න යන බව
සිහිනෙන් වාගේ මට පෙනිලා............

තුනට කැඩුව ළුණු පොල් නැති රොටියක්
හතරට කඩන්න මදි හිතිලා.............

පොත් ටික අරගෙන අම්මට වැඳලා
ආවා පන්සල වෙත දුවලා............

හ්ම්...

කසාවතට දැන් මගෙ කෙළි සෙළ්ලම්
පුංචි ළමා සිත ඇත නිමිලා...........

නොකැඩෙන ලෙස මගේ සිත මේ මළුවට
දස සිල් ලනුවෙන් දැන් බැඳිලා...........



======================================================================
රස අදහසක්
http://rasawindhana.blogspot.com/2014/09/blog-post.html



බුදු සරණයි අම්මේ..



https://www.facebook.com/photo.php?fbid=279046085613374&set=a.275257025992280.1073741836.100005239542747&type=3&theater



ලෝබ නැතුව රසට පොවා නුඹ මට කිරි.......බිංඳු.................බිංඳු
විඳගෙන කරදර බාදක මට සුර සැප........කැන්ඳු..............කැන්ඳු

දිවි මග දී පෙන්නා මට කඳු පළ්ලම්..............වංගු.................වංගූ
මා සුමඟට ගත්තා නුඹ කර ආදර...............රන්ඩු...............රන්ඩූ

සඟවාගෙන කදුලු බිංඳු සිනහව මුව............රැන්දු...............රැන්දූ
නුඹ ගැන අමුණා කියන්න නෑ මට කවි........සිංදු..................සිංදූ

සලකන්නම් අද මං හැකි පමණට දී............හාදු...................හාදූ
බුදු සරණයි මගේ අම්මට වදිනෙමි පා........සාදු...................සාදු





උඹ කව්ද මගේ










සිතඟ ඔතරම් දුක දරන්නට
                                 කොහෙන්දෝ හුරු උනේ...
මතක කිසිවක් කියන් නෑ මට
                                 පියා මගෙ කොයි ගියේ...
දෙතන බර වී නෑ තවම උඹ
                                 නාම්බං මැදි වියේ...
හමන කට කිරි සුවඳ රැඳි උඹ
                                කෙළෙස මට මව් උනේ...


හිච්චි සංදියේ ඉඳන් නුඹමයි
                                මට ළොවම පෙන්නුවේ...
වච්චි කියලා දුවන ළමයින්
                                මොකද අපි කොන් කළේ...
බච්චි කෙල්ළලු ගමම අපුලයි
                                කිමද ඒ කාරණේ...
නිච්චි නැතුවද පහදපන් මට
                                මෙහෙම ඇයි අපි දුකේ...


මව් මරා ඉපදුන එකා මං
                                කියා හංවඩු උනේ...
පව් මගේ බර හේදුවලු උඹ
                                වට පිටෙන් මට ඇසේ...
ඉව් බතට ලුණු උඹෙ කඳුළු වග
                                කුණු රසෙන් මට දැනේ...
දැව් වෙනා මේ හදෙ කටු තුඩ
                                ගලවපන් දැන් මගේ...


හ්ම්ම්..


හොඳට හිනැහී කපටි පිළිතුරු
                                අදත් මුව රැන්ඳුවේ...
සිතට බොරු කර කදුළු හංගා
                                මටද ඔය හිනැහුනේ...
සතුට විතරයි කිසිවිටෙක දුක්
                                නැත උඹෙන් දිස් උනේ...
ලඟට අරගන මා සිඹිනකොට
                                හද සොයුරු පෙම දැනේ...

අරුම සඳ






පුංචි කාලේ මා හැඬු විට
කිරි පැණි මට දුන්නේ නුඹයි.................

වැටි වැටි මා ඇවිදිනකොට
රැවටුව අම්බිලියා නුඹයි..................

යොවුන් වියේ පෙම් කරනට
මගේ පුන් සඳ උනේ නුඹයි.................

මා හිරු වූ මගේ ළොවට
අත දුන් සඳ වතිය නුඹයි..................

තරු කැට සේ දරු පැටවුන් මට
දුන් සඳ කුමරි නුඹයි...................

මගේ දරු කැළ මෙන් තරු කැට
බැඹලුව සඳ රැජිණ නුඹයි..................

ඒත්....

මළ හිරු සේ මා යනකොට
නුඹ අහසට අවේ ඇයි....................



කියා දෙන්න මට









ඉර ලඟින්මද සඳ දිළෙන්නේ...................
වතුර කොහොමද ගලා යන්නේ...................
මාළු වතුරේද හුස්ම ගන්නේ................
කොතනින්ද මල් සුවඳ එන්නේ....................

කුරුළු හඬ ඇයි උඩින් එන්නේ.................
හාවො කොහොමද පැනල යන්නේ................
සමනලුන් ඇයි පැණිම බොන්නේ..................
නැහැනි මට කිසිවක් පෙනෙන්නේ...................

මුහුද කොහොමද හෝ.. ගාන්නේ................
දවාලට ඇයි රස්නේ වෙන්නේ..................
පිහි වලට ඇයි අත කැපෙන්නේ....................
හැඩ අකුරු කොහොමද ලියන්නේ................

කලුවරේමද මෙවා වෙන්නේ................
නැද්ද මට කවුරුත් කියන්නේ...............
මට විතරමද මෙහෙම වෙන්නේ..................
පාට ඔක්කොම කළුද අම්මේ.................


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
උපතින්ම ඇස් නොපෙනෙන පුංචි දරුවෙක් ආදාර ඉල්ලන්න අම්මගේ අතේ එල්ලිලා ගෙවල් ගානේ ඇවිදිනවා. මට හිතුනේ මෙහෙමයි. මෙවා අම්මගෙන් ඇහුවොත් එදාට අම්මා ගොළුවෙයි නෙද? වැඩිය එපා අන්තිම ටික.
''පාට ඔක්කොම කළුද අම්මේ.................''
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


විඳවන වද






https://www.facebook.com/photo.php?fbid=261189070732409&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater








මාත් හැඩ වැඩ මලක්........................
තියනව මටත් සුවඳක්........................
රතු කියන්නෙත් පාටක්.......................
කළාද මං මුකුත් වරදක්......................

මාත්......

වෙන්න ආසයි මල් වට්ටියක්.....................
වඳින්න ආසයි පන්සලක්.........................
අහන්න ආසයි සාදු හඩක්.......................
දකින්න ආසයි බුදු රුවක්.......................

ඒත්.....

ඇයි මට මේහෙ වෙනසක්............................
හිමි නෑ මට මේ කිසි දෙයක්..........................


Tuesday, January 20, 2015

හපොයි මදෑ




https://www.facebook.com/photo.php?fbid=293760674141915&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater








අනිද්දා දිහාට..
ගොයං කපන්ඩ
අල්ලන්ඩ වෙයි
මයේ පුතේ
ඕං..


හැබෑටම ද අප්පොච්චෝ??
මරු.


අල්ලපු - කනටියෙත් ගොයම පැහි කර වී ඇති............................... එහෙනම්
පිල් උස - ගේ සුදු මැණිකේ ඒ ගොයමට ඒයි..................................එහෙනම

මතකයි - අපි එක කිට්ටුව කැපුව ගොයම් ගිය............................. කන්නෙත්
නියමයි - එක ලඟ ඉස්සර දෙක කැපියැකි මේ............................. කන්නෙත්

අතට - ගත්ත ගොයම් මිටිය උක් පිඩ උඩ දාන.................................. ගමන්
හිතට - මගේ නෑ ඉහිලුං ඈ හොරැහින් හිනැහෙන................................කන්

මහ - නියරේ කුරුණි පැහේ ඇඹුල ගෙනාවා................................. අම්මලා
මහ - ඈයෝ ඉපනැළි පාගන් කයියට ගියේ..................................... දුවලා

හීන්සැරේ - වක්කඩ ලඟ වතුර වලට ගිහින්...................................... දුරක්
සූත්තරේ - දා අපි මුව දෙව්වා ඇඹුලට......................................... වරුවක්

පත්කඩ - එලලා රව්මේ කයියට ලඟ ඉඳගෙන..................................... අපි
ඔක්කට - ගෙන නෙලුං කොළේ ඇඹුලේ රහ බැලුවේ........................... අපි

කයියට - ගොඩ යන්නට අපි තිබ්බේ එක ලඟ දෑ............................... කැති
කෙලියට - මල් ඒ තුනත්තේ දැං අගේට පිපිලා.................................. ඇති



කොල්ලෝ
මොනාද බොල කම්පනා කොරන්නේ?

ආං අර ටැට්ටරි බාස්
අළුත් මැසිමක් ගෙනත්ලු
ගොයං කපන්ඩ.
මෙදා සැරේ ලේසි වැඩේ



අනේ.. හොදා
නේ අප්පොච්චො ?

හ්ම්.. මදෑ..
සුදු මැණිකේ එක්කලා
ගොයං කපන්ඩ උන්නා.


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ආදර කතාවක් නම් නෙමේ.
කුඹුරු කෙරුවාවෙ තියන ලස්සන වචන ටිකක් කියන්නයි උත්සහ කළේ. තාක්ෂණික දියුණුවත් එක්ක ඒ වචන වගේම සුන්දර අපේ කම අද හෙමිං හෙමිං නැතිවෙලා යනවා.
රැක ගත යුතුයි මේවා. ටිකක් හිතමු ඒ ගැන.

පින්තුරය- අපේ කුඹුරෙන්
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


අහස දෙස බලා






සීතල පොද මොකද කම්මැළි කර යන්න.......
මූසල සුළං ඇයි මේ ගස් ඇඹරෙන්න.......
ලෝබද උඹට වැහි ඇල්ලක් බිම ලන්න.......
කාටද නපුරු කම් ඔය හැටි පළි ගන්න.......


වහිනවනම් වැහැපන් වැව ඉතිරෙන්න.......
කුඹුරේ ගොයම් පීදෙන තුරු ඇති වෙන්න.......
චිරි චිරි පොද එපා මගෙ හිත රවටන්න.......
බැරිනම් පායපන් හිරු රැස් දිලිහෙන්න.......


දෙන දේ දියන් හිත සතුටින් සැනසෙන්න.......

බොරුවට පෙන්නලා හොඳ නෑ රවටන්න.......
කීවා ඔන්න මූණට තේරුම් ගන්න.......
වැහැපන් එක්කො පායාපන් කරවෙන්න.......



මැණිකේ..



https://www.facebook.com/photo.php?fbid=282821708569145&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater











නැග ගෙන ජීවන ඔරුවට................
එදිරිව ඟං කෙලෙස් රලට..................
ගෙන පන්සිල් හබල අතට..................
නොබියව යමු සසර ඟගට.................


මග හමුවන මහ ගල් කැට.................
පරදා පෙරටම යන්නට..................
සවිය දියන් මැණිකේ මට...................
එකතු වෙයන් මේ ගමනට....................


නුඹ කැන්ඳන් ආව ලෙසට...................
ගෙන යන්නම් තවත් දුරට...................
වරෙන් මාත් එක්ක යන්ට...................
ඈත පෙනෙන නිවන් පැලට......................


එනවා
මං


නුඹගේ ඔය පහන් සිතට................
දිරි දෙන්නම් හැකි පමනට................
යමු අපි ඒ සොඳුරු පැලට.................
ප්‍රේමය පරදා නිවනට....................




නියම යාළුවෙක්




https://www.facebook.com/photo.php?fbid=260894787428504&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater









ඉඳන් මගේ බාලේ.......................
හුරු කළා මට තාලේ.........................
උගස් කර මගේ මාලේ.........................

ගත්තේ මං උඹ පුංචි කාලේ........................... 

දුකට මං හැඬු වේලේ......................
සතුටින් සිටින කාලේ.......................
වෙනසක් නෑ රෑ දවාලේ........................
උඹයි එක ලෙස ලඟම රාලේ.......................


ඒත් ඒ පෙර කාලේ....................
දැන් වෙනස් බං තාලේ.....................
වැඩ වැඩී මට රාලේ...................... 

ඉන්න නෑ ලඟ සෑම වේලේ...................... 


සමාවෙයං 

ඒත්,
හැමදාමත්


උඹයි මගේ පුංචි ඩෝලේ........................





තවත් දෑ....