Friday, September 23, 2016
නෙළුමක්ය ආලය
https://www.facebook.com/photo.php?fbid=588969304621049&set=a.261191850732131.1073741833.100005239542747&type=3&theater
නෙළුමක්ය ආලය
නටුවක්ය රාගය
පිණි බිඳකි දීගය
නටුව පණ නැති
මලක නොරැඳෙය…
Thursday, September 15, 2016
අරුම සඳ
පුංචි කාලේ මා හැඬු විට
කිරි පැණි මට දුන්නේ නුඹයි
වැටි වැටි මා ඇවිදිනකොට
රැවටුව අම්බිලියා නුඹයි
යොවුන් වියේ පෙම් කරනට
මගේ පුන් සඳ උනේ නුඹයි
මා හිරු වූ මගේ ළොවට
අත දුන් සඳ වතිය නුඹයි
තරු කැට සේ දරු පැටවුන් මට
දුන් සඳ කුමරි නුඹයි
තරු කැට මෙන් මගේ දරු කැළ
බැඹලුව සඳ රැජිණ නුඹයි
ඒත්....
මළ හිරු සේ මා යනකොට
නුඹ අහසට අවේ ඇයි
Thursday, September 1, 2016
වෙඩි උන්ඩ සහ පිණි බිංඳු
https://www.facebook.com/manju.nadagamuwa.1/videos/vb.100004610200659/673120086184992/?type=2&theater
හරියටම සැප්තැම්බර් 13 හවස 3ට පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලීය ශ්‍රවණාගාරයට එන්න.
Manju Nadagamuwa එක්ක
Saturday, August 13, 2016
නැළවිල්ල
මුදුන්
යටේ දිරපු දොහේ හිට පෙරදා
පටන් ගෙදර
අඬ දබරය ඇත සැමදා
දෙකන් තෝඩු
උගස් කරේ ගිය ඉරිදා
ඉඩන් හබේ
නිසයි පුතේ එන සඳුදා
කඩෙන් ගේන
ණය පිටු ටික අහවරදා
හිඟන් කන්ට
වෙයි පොත් ටික අහකටදා
දුකින්
ගෙවන මේ පව් බර පොලිය හදා
ගෙවන්ඇහැකි
මා පුත උබ ලොකු උනදා
Saturday, August 6, 2016
Monday, July 25, 2016
හද සොයුරු පෙම
සිතඟ
ඔතරම් දුක දරන්නට
කොහෙන්දෝ
හුරු උනේ...
ලඟට
අරගන මා සිඹිනකොට
හද
සොයුරු පෙම දැනේ...
සිතට
බොරු කර කදුළු හංගා
මටද
ඔය හිනැහුනේ...
හමන
කට කිරි සුවඳ රැඳි නුබ
කෙළෙස
මට මව් උනේ...
Tuesday, May 17, 2016
වෑ දිය පාලුව
සෙනේ වැවේ ආල වතුර
ආදර බැම්මට මිරි කී
බලා හොරෙන් ඉඟි කෙරුවයි
හිත් කුඹුරක් දෙස පෙමකින්
වල් වැදි ඒ පුරං කුඹුර
පෙම් ඇළ මතුකර හැඩ වී
ගලා එන්න ඉඩ දුන්නයි
ආල දියට රළ නගමින්
ඉවසුම් නැති ආකාසේ
මනෝ රාගයෙන් මත් වී
වලා හැපී වැහි වැස්සයි
පිට වානේ බැමි බිඳිමින්
යට වී ඒ රාග දියට
හද නියරත් දෙකට කැඩී
සලා කඳුළු පෙන නැඟුවයි
හිත් යායම හැඟුම්
ඇසින්
Thursday, April 28, 2016
සඳ වත
රමණ පහසට බය මනාළිය
කිමද ඔමරිය රුක් කිනිති යට
සගවමින් හිරි වලාවට මුව
කරණ කෝලම් එබීගෙන මට
දිස්නෙ ලන නුඹෙ පබලු සළු පිළි
බැරිද මඳකට උනා ලන්නට
අදුර මැද පා මුකුළු ඔය වත
බැරිද මා හා තනිව ඉන්නට
Sunday, April 24, 2016
Wednesday, April 20, 2016
ඇණෙන කවි
Manju Nadagamuwa සමඟ
https://web.facebook.com/chanaka.rajakaruna.37/posts/525095971008383?pnref=story
ඉර - අල්ලන්ට තරු වට දුවනා ---------------- ලෙසම
පෙර - කවි දකිනකොට මුව හිනැහෙයි --------- මටම
බර - වැඩි උනත් ඇති වැඩ මගෙ හිස ----------- මතම
වෙර - ගෙන ලියමි හැකි හැටියට අද -------- මෙහෙම
Monday, April 18, 2016
විරසකේ
අමුඩ ලෙන්සුව ඔහේ
වැල කොනක ගුලි වෙලා…
කළු තොරටි මී බාන
ගස් මුලම කෙටි වෙලා…
බාන බැඳි විය ගහත්
මැස්ස උඩ තනිවෙලා…
උං බැඳපු ගොං කණුව
බිමට පත බෑ විලා…
නිල් ඉරිඟු කොරටුවම
ඉර සැරට කරවෙලා…
පැලේ යට ලී අස්සෙ
කොටං ගෙඩි සෑදිලා…
කළු බුලත් කොටු ගානෙ
පාලා වැල් පීදිලා…
පීදිච්චි ලොකු කොළත්
හුඟක් කොරඩෑ වෙලා…
අරියාදුවට වගේ
හෙප්පුවත් පෙරළිලා…
ගිරා අන්ඩත් දුඹුරු
මළකඩට අහුවෙලා…
හුණු කැටෙත් මහ තදට
ඉරි තලා ගල් වෙලා…
අමු පුවක් කොළපතම
ඇත කරුංගා වෙලා…
---------------------------
කුස්සියේ හැලි වලං
ඇත ඔහේ උඩ බලා…
මැටි කලේ වතුර නෑ
පොල්කට්ට වේලිලා…
හිරමනේ මුල්ලෙමයි
දැතිත් දැං මොට වෙලා…
හැඳි ආනේ සින්නෙටම
මකුළු දැල් පැටලිලා…
බුදු කුටිය අඳුරෙමයි
ඉද්ද ගහ මැළවෙලා…
ලාම්පුවෙ තෙලුත් නෑ
චිවිනියත් කළු වෙලා…
මල් පිපුණු රෝස පෙළ
කටු එක්ක තනි වෙලා…
මිඳුලෙ අඹ කොළ මැදින්
තණකොළත් නැගිටලා…
ඉලපතට වැඩත් නෑ
මුල්ලටම කොටු වෙලා…
ඔරලෝසුවෙත් කට්ට
එකතැනම නැවතිලා…
රටාවට පුරන් ආ
පැදුරෙ පං ගැලවිලා…
ගෙදර සිරි දෙව්දුවත්
ගිහින් පිටමං වෙලා….
Saturday, April 16, 2016
අවුරුද්ද
අපේ එරබඳු ගහේ මල් ඉති
පිපී හිනැහෙයි වැටෙන් එලියට
කොහෙක් ඇවිදින් ඉරටු වහලේන්
ගමට හඬ ගා පැහැරියා ගෙට
වටේ ඇහෙනා රතිඥ්ඥා හඩ
කියයි නැකතක් ආපු විත්තිය
ඉරි තලා තුං හුලස් සද්දෙට
ලිතක් වත් නැති නාකි බිත්තිය
2016/4/18 වන දින ලක්බිම පුවත්පතේ පල වූ කවියකි.
https://web.facebook.com/photo.php?fbid=616786835151651&set=p.616786835151651&type=3&theater
Friday, April 1, 2016
කලකට පෙර ලියූ ''ඇය'' ගීයක්ව පෙනෙන අපූරුව
https://www.youtube.com/watch?v=6koRVze5SEc
https://web.facebook.com/chanaka.rajakaruna.37/posts/564111850440128?pnref=story
https://web.facebook.com/photo.php?fbid=1163937220307705&set=a.102165799818191.5258.100000743150802&type=3&theater
youtube - https://www.youtube.com/watch?v=i8OO-8YcxN8
ඇය?
------
කාසි දී රස පහස විඳිනට
අවේ නුඹ එක්කළා ගෙන මන්...
.
මාසෙ පඩි දා වෙනද මා නෙත
ගැටුනේ නෑ නුඹ වීදි අතරින්...
.
මෝසමට බය මැරුණ මල් හැඩ
කාරියට ඔය මුහුණ අළුතෙන්...
.
වෙහෙස පසෙකට දා වැතිරියන්
පැයට පෙර මට පුරුඳු සයනින්...
.
සළු ලිහෙන්නට තරම් පිරිපුන්
ලැම බරයි සිත දවන පහසින්...
.
කුළු ගැණුනු නුඹෙ හැඟුම් බිඳිනට
හොඳම තැන ඒ තමයි විඟසින්...
.
ඒත්..
සුළු රිදුමකින් නුඹේ තන මත
සිඟිති කිරි ඇයි ඉනුවේ මෙලෙසින්...
.
මුළු ගතම සලිතයි මගේ නුඹ
මුණි වතම බිද කියූ කරුණින්..
◙
මේ...
පැයක් පමනයි මටත් ඇත්තේ
පමා වී බෑ පැටියා තනියෙන්...
.
කිරි බිංඳු නොහලා බිමට මගෙ
උවමනා පිරිමහන් පලයන්...
--------------------------
නිමිත්ත- Chanaka Perera
--------------------------
2014/9/23
Subscribe to:
Posts (Atom)