Thursday, September 15, 2016

අරුම සඳ











පුංචි කාලේ මා හැඬු විට

කිරි පැණි මට දුන්නේ නුඹයි




වැටි වැටි මා ඇවිදිනකොට

රැවටුව අම්බිලියා නුඹයි




යොවුන් වියේ පෙම් කරනට

මගේ පුන් සඳ උනේ නුඹයි




මා හිරු වූ මගේ ළොවට

අත දුන් සඳ වතිය නුඹයි




තරු කැට සේ දරු පැටවුන් මට

දුන් සඳ කුමරි නුඹයි




තරු කැට මෙන් මගේ දරු කැළ

බැඹලුව සඳ රැජිණ නුඹයි




ඒත්....




මළ හිරු සේ මා යනකොට

නුඹ අහසට අවේ ඇයි



No comments:

Post a Comment

තවත් දෑ....