නෙළුම් කුමාරී
දෙඅත් දියබුං ගසන තාලෙට
කෙකටියා අත වනනු පෙනුනා
රන් කරල් දිය දිගට දුවලා
හෙමින් මිරිකී ගෙලෙහි එතුනා
නයන පිය ගං දියර පොඟවා
සිහින් ස්වරයෙන් ගොඩට ඉසිනා
දෙතොල් රසයට දියඹ මත් වී
ලඟ ලඟම නිල් රැලිද නැගුනා
තිසරු යුවලක් දියෙහි පෙඟුනා
හිරුද සැංගී බලා උන්නා
කෙන්ඩියක් පැන් පිරුණු හැඩයෙන්
නිතබ ජලයෙන් උඩට පැන්නා
කුඹුක් සීතල පරදවන රුව
නාරියේ නුබ නොවෙද දැනුනා
තබරු ගොමුවම සැලී සොයනා
නෙළුම් කුමරිය නුබද සිතුනා
ලස්සන ම ලස්සන නිර්මාණ ගොන්නක්.
ReplyDeleteසුබ අනාගතයක්.