Friday, December 21, 2018

හිඟන්නගේ නත්තල



දැක්කහම කඩ වීදි පිරෙන හැටි රෑටත්
ඇස් වලට කඳුළු නෑ කිව්වොතින් බොරුවක්

කුණු ගොඩට එයි පරණ මෝස්තර ලොරියක්
ගත්තැහැකි කොහොමහරි පොරවන්ඩ සරමක්

පල්ලියට පායලා බලුබ් වැල් තරුවක්
පැත්තකට උබ යමං කීවා කුරුමිණියෙක්

ගව ලෙනට දාහක්ම පුද කරපු මිණිහෙක්
රව රවා විසි කෙරුවා මගෙ ලඟට දහයක්

ඇත්තටම තෑගි දෙන සීය මෙහෙ ආවත්
මෙච්චරම නැති මාව සනසයිද කොහොමත්

ඇලවෙච්චි කුරුස පෙළ යලි කෙලිං කෙරුවත්
පෙරලිච්චි මයේ කකුල එහෙමයි තවමත්

කැරොල් වල අසල් වැසි ප්‍රේමෙ ගැන කීවත්
නත්තලයි පල්ලියෙං එලෙව්වේ මාවත්

හීතලට ජෙසුටත් මම සාප කෙරුවත්
නත්තලට විසි කරන කෑම නං රසවත්



Tuesday, December 18, 2018

සැඳෑ කල මා




දිනක හවසක
මා ලෙසම නුබ
අතර මඟ තනි
උනොත් පමනක්

පුරුදු ස්වරයෙන්
සවන ගටුනොත්
දුකම වස් දඬු
ගීත රාවක්

අහක නොබලා
හිතට ඉඩ දී
සොයා සුපුරුදු
ස්වේත ඇඳුමක්

ලඟට ඇවිදින්
සෙමින් විමසනු
නුබට මා ලියූ
මතක කවියක්




දිනක යන එන
මඟක ඇසුනොත්
දුකම වස් දඬු
ගීත රාවක්

ලඟට ඇවිදින්
මගෙන් විමසනු
නුබට මා ලියූ
මතක කවියක්
----------------------


ඇසුනොත් මග පුරුදු වස් දඬු ගී රාව
නැවතී බලනු හංදියේ පඩි පෙළ ගාව
දුටුවොත් හඩු ගැහුණු සරමක් ඇඳි මාව
ලංවී අසනු කවියක් නුබ ගැන ලීව



Sunday, December 16, 2018

හිඟන්නගේ නත්තල




දැක්කහම කඩ වීදි පිරෙන හැටි රෑටත්
ඇස් වලට කඳුළු නෑ කිව්වොතින් බොරුවක්

කුණු ගොඩට එයි පරණ මෝස්තර ලොරියක්
ගත්තැහැකි කොහොමහරි පොරවන්ඩ සරමක්

පල්ලියට පායලා බලුබ් වැල් තරුවක්
පැත්තකට උබ යමං කීවා කුරුමිණියෙක්

ගව ලෙනට දාහක්ම පුද කරපු මිණිහෙක්
රව රවා විසි කෙරුවා මගෙ ලඟට දහයක්

ඇත්තටම තෑගි දෙන සීය මෙහෙ ආවත්
මෙච්චරම නැති මාව සනසයිද කොහොමත්

ඇලවෙච්චි කුරුස පෙළ යලි කෙලිං කෙරුවත්
පෙරලිච්චි මයේ කකුල එහෙමයි තවමත්


කැරොල් වල අසල් වැසි ප්‍රේමෙ ගැන කීවත්
නත්තලයි පල්ලියෙං එලෙව්වේ මාවත්

හීතලට ජෙසුටත් මම සාප කෙරුවත්
නත්තලට විසි කරන කෑම නං රසවත්

Wednesday, December 5, 2018

අප්පච්චි



හවස පන්තිය ඇරිලා උබ එන්න රෑ වෙද්දි
බය උනේ මං හුගක් එක ගවුම පොඟවද්දි

උණු වතුර ලිප තියං මග බලා මං ඉද්දි
වටේ උං හිනැහුනා පද හදා උබ එද්දි

ගෙදර වැඩ අහවරව දැලි වලං හෝදද්දි
දැනෙනවා මහ ගොඩක් අම්ම ගැන දුක සිද්දි

ලොකු කාර් හූ තියා අපිට බැන ගෙන යද්දි
මළ කාපු පැටල් අත ඔච්චමට හඩ දෙද්දි

දිනවන්න උබ ලෝකේ හති හලා පාගද්දි
පාසලට උබ ගියේ බෙල් එකට පැරදෙද්දි

අද ඊයෙ පහ වසර දිනපු ඒ මයේ පැංචි
විභාගේ අත ලඟට ඉක්මනිං ලොකු වෙච්චි

වියදමට පන්තියට නැති හින්දා මට පිච්චි
දුවනවා මගෙ හිතම දස අතේ නැත වච්චි

පන්තියේ ගැන්සියෙන් මං නිසා කොං වෙච්චි
හීනෙනුත් මං දැක්කෙ පුංචි ඇස් රතු වෙච්චි

තනි නොකර උන් අතර ඉවසමින් හැංගිච්චි
උබ ගැනම හිත හිතා සෙනෙහසින් දුක් වෙච්චි


දිනවන්න උබ ලෝකේ ජීවිතේ පැරදිච්චි
පින්සාර මයේ දුවේ මං උබේ අප්පච්චි

Friday, November 30, 2018

කැමාවට නිගාව



දුටුවාම - පුල්ලි පිරි කොල පාට ඔය          රෙද්ද
ඉඳුරාම - සිහි වෙන්නෙ වන්නියේ මහ        යුද්ධ
හැමදාම - ගරු කරන ඒ වතට අපි             වැන්ද
කෙරුවාම - මේ ලෙසට නිගාවන් දුක       නැද්ද 

ඇසුනාම - මේ කවිය වස් තියා පද           බැන්ඳ
ඉරිලාම - වෙන් වෙයං උබගෙ ඔය     දෙපරැන්ද


Tuesday, November 27, 2018

ඉවසීම





හැන්දෑව සිප ගන්න උසම මී ගහ ගාව
අන්තිමට සමු දුන්නෙ නුබට මං හිනැහීම
පිල්ලෑව යට උන්නු වී කුරුළු තුඩු තාම
ගයනවා ඒ උනත් දුක් ගීත හැමදාම

ඇවැස්සම සෙනෙහසට යට උනත් ඔය මූණ
පපුව තුල තියනවා ගිලි ගිලී ලඟ තාම
මෙලහකට හැඩකාර කටකාර නුබ වගෙම
පැංචියෙක් ඇති නේද මගෙ නමින් හිත ගාව

වැව පුරා ඕලු මල් නොපිපුනත් පෙර ලෙසම
එක මලක් හැම දාම පිපෙනවා කෙලවරම
කඩා ගෙන ඒ මලයි පහනකුයි හැමදාම
පුදනවා නුබ නමට සෙත් පතා මම තාම 
 

Monday, November 26, 2018

ධර්ම සංඝායනාවකට කාලයයි මේ...





වසා දෙවුර සිටියත් ඵල කිම                ඔහොම
කසා වතට බැරිනම් රැකුමට                    දහම
මොක කොහොම කිවත් පිංවත         මෙහෙම
පුකේ ඇදය අබුඩෙං වහගනු           කොහොම

Friday, November 2, 2018

නෙළුම් කුමාරී



දෙඅත් දියබුං ගසන තාලෙට
කෙකටියා අත වනනු පෙනුනා

රන් කරල් දිය දිගට දුවලා
හෙමින් මිරිකී ගෙලෙහි එතුනා

නයන පිය ගං දියර පොඟවා
සිහින් ස්වරයෙන් ගොඩට ඉසිනා

දෙතොල් රසයට දියඹ මත් වී
ලඟ ලඟම නිල් රැලිද නැගුනා

තිසරු යුවලක් දියෙහි පෙඟුනා
හිරුද සැංගී බලා උන්නා

කෙන්ඩියක් පැන් පිරුණු හැඩයෙන්
නිතබ ජලයෙන් උඩට පැන්නා

කුඹුක් සීතල පරදවන රුව
නාරියේ නුබ නොවෙද දැනුනා

තබරු ගොමුවම සැලී සොයනා
නෙළුම් කුමරිය නුබද සිතුනා

Tuesday, October 30, 2018

කියන්නං දුක් බර කතාවක්




හඩු ගැහුනු සරමක්
නහර වැල් ගැට එතුනු දෑතක්
දහදිය පෙඟුනු පපුවක්
රතුව යටටම ගිලුනු දෑසක්

ගෙඩියකට රුපියලයි සතයක්
වරුවටම ගෙඩි අනූ නමයක්
ගෙදර උන්දැගෙ බඩේ ගෙඩියක්
සූමානෙට දොස්තරට දාහක්

පිරිමි දරුවොම නමයක්
පිටට දීලා උන්න කෙල්ලෙක්
බක් මහට සරමකුයි රෙද්දක්
අරං එනවා ඒකි විතරක් 
 
මට දැං අසූ හතරක්
හිඟා කන එක උන්ට කැළලක්

Friday, October 19, 2018

ගිජිදුගේ ඉරණම





ලඳකට හසුව සැනෙසෙන මහ          ගිජිදාන
තදකොට බදා උන්නත් ඔය             කරබාන
යනකොට යන්නෙ දළ දෙකකුත්     ගලවාන
අහකට වෙයන් රජුනේ හිස             බේරාන  


Friday, October 12, 2018

අම්මයි දුවයි




දුවෙක් අන්දන් මවක් යන හැටි                  බලාපල්ලා
කරත්තයකට ගොනෙක් බැන්ඳා වගෙයි            අල්ලා
කවිත් ලියනව අපිත් මෙව්වට බඩත්                  අල්ලා
ඉතින් මොකටද තවත් ඉදලා මේව්වා               දැකලා

Sunday, October 7, 2018

ගුරු උපහාරය




පිපනු මලකට
සුවඳ මුසු කොට
ලොවට පුදනා
හිරු කිරණ සේ...

නුවණ පහදා
සවිය වඩවා
නිතැති ඔවදන්
නුබයි දුන්නේ...

ඉතින් අවසර
මලින් පිදුමට
පියාණනි ඔබේ
දෙපා රිසි සේ...

-----------------------

අඳුරු අහසට
තරුද වටකොට
පායනා පුන්
සඳක් විලසේ...

නැනස පහදා
කඳුළු පිසදා
අපව රැකි මවි
තුමිය නුබ වේ...

ඉතින් අවසර
මලින් සෙත් කර
පාද වැඳුමට
නුබේ සිතු සේ...

ගුරු මව්නි,
ගුරු පියාණනි
ඔබටයි මේ උපහාරය

Monday, June 11, 2018

අහෝ...







අඩ හඳක් තරුවක්
කිසි දිනක නොපායපු

කුරුසයක ලකුණක්
කෙදිනවත් නොදුටුවපු

මේ සිඟිති පොර මඩලෙ
කොනක සුදු රෙදි එලපු

පුටුව අද හොයනවා
කසාවත බණ කියපු


Monday, June 4, 2018

සෙබළ පෙම



ඉද්ද සමන් මල් පුදලා 
සෙත් දෙන්නම් නුබේ නමට  

යුද්ධ කළත් නුබ වන මැද 
හද මල මයේ ලඟ තනියට

නින්ද නැතුව රෑ මැදියම 
සාප තියමි මල් පැදුරට

නැද්ද කියාපන් එන්නේ 
මං දකින්ට එන  පෝයට

Friday, May 25, 2018

Economic ආලය




අහෝ සුදුසුම විකල්පය 
නුබේ කල් දැන් ඉකුත් විය 
ඉතින් ආවස්ථිකය 
නුබගේය එළඹි කාලය  

Wednesday, May 16, 2018

උත්තමාචාරය





පුදා පපුව දා බිඳු ඉහ මොළ                        රුහිර

විඩා නොගෙන රැක මව් බිම වෙන්        නොකර

සදා ණයගැතිය උබලට අපි                    සොයුර

පුදා පහන් පින් දෙන්නම් තනි                නොකර

Monday, May 14, 2018

තුරු පතක ආලය




ඉපිද තුරු අග වැඩී සරුවට

සෙවන දී හැකි ලෙස සදා...

නටු අගින් ගිලිහී බිමට බැස

තුරු මුලම සිප මියැදෙනා...

සරු කරන්නට දළු මලින් තව

පොහොර පස් හා මුසු වෙනා...

අරුම තුරුපත් කියයි හඬ ගා

ආදරේ හැටි පුද දෙනා...


තවත් දෑ....