Sunday, April 12, 2020

කවි හඬ (සමුදීම)



හැන්දෑව සිප ගන්න උසම මී ගහ ගාව
අන්තිමට සමු දුන්නෙ නුබට මං හිනැහීම
පිල්ලෑව යට උන්නු වී කුරුළු තුඩු තාම
ගයනවා ඒ උනත් දුක් ගීත හැමදාම


ඇවැස්සම සෙනෙහසට යට උනත් ඔය මූණ
පපුව තුල තියනවා ගිලි ගිලී ලඟ තාම
මෙලහකට හැඩකාර කටකාර නුබ වගෙම
පැංචියෙක් ඇති නේද මගෙ නමින් හිත ගාව


වැව පුරා ඕලු මල් නොපිපුනත් පෙර ලෙසම
එක මලක් හැම දාම පිපෙනවා කෙලවරම
කඩා ගෙන ඒ මලයි පහනකුයි හැමදාම
පුදනවා නුබ නමට සෙත් පතා මම තාම

Friday, December 21, 2018

හිඟන්නගේ නත්තල



දැක්කහම කඩ වීදි පිරෙන හැටි රෑටත්
ඇස් වලට කඳුළු නෑ කිව්වොතින් බොරුවක්

කුණු ගොඩට එයි පරණ මෝස්තර ලොරියක්
ගත්තැහැකි කොහොමහරි පොරවන්ඩ සරමක්

පල්ලියට පායලා බලුබ් වැල් තරුවක්
පැත්තකට උබ යමං කීවා කුරුමිණියෙක්

ගව ලෙනට දාහක්ම පුද කරපු මිණිහෙක්
රව රවා විසි කෙරුවා මගෙ ලඟට දහයක්

ඇත්තටම තෑගි දෙන සීය මෙහෙ ආවත්
මෙච්චරම නැති මාව සනසයිද කොහොමත්

ඇලවෙච්චි කුරුස පෙළ යලි කෙලිං කෙරුවත්
පෙරලිච්චි මයේ කකුල එහෙමයි තවමත්

කැරොල් වල අසල් වැසි ප්‍රේමෙ ගැන කීවත්
නත්තලයි පල්ලියෙං එලෙව්වේ මාවත්

හීතලට ජෙසුටත් මම සාප කෙරුවත්
නත්තලට විසි කරන කෑම නං රසවත්



Tuesday, December 18, 2018

සැඳෑ කල මා




දිනක හවසක
මා ලෙසම නුබ
අතර මඟ තනි
උනොත් පමනක්

පුරුදු ස්වරයෙන්
සවන ගටුනොත්
දුකම වස් දඬු
ගීත රාවක්

අහක නොබලා
හිතට ඉඩ දී
සොයා සුපුරුදු
ස්වේත ඇඳුමක්

ලඟට ඇවිදින්
සෙමින් විමසනු
නුබට මා ලියූ
මතක කවියක්




දිනක යන එන
මඟක ඇසුනොත්
දුකම වස් දඬු
ගීත රාවක්

ලඟට ඇවිදින්
මගෙන් විමසනු
නුබට මා ලියූ
මතක කවියක්
----------------------


ඇසුනොත් මග පුරුදු වස් දඬු ගී රාව
නැවතී බලනු හංදියේ පඩි පෙළ ගාව
දුටුවොත් හඩු ගැහුණු සරමක් ඇඳි මාව
ලංවී අසනු කවියක් නුබ ගැන ලීව



Sunday, December 16, 2018

හිඟන්නගේ නත්තල




දැක්කහම කඩ වීදි පිරෙන හැටි රෑටත්
ඇස් වලට කඳුළු නෑ කිව්වොතින් බොරුවක්

කුණු ගොඩට එයි පරණ මෝස්තර ලොරියක්
ගත්තැහැකි කොහොමහරි පොරවන්ඩ සරමක්

පල්ලියට පායලා බලුබ් වැල් තරුවක්
පැත්තකට උබ යමං කීවා කුරුමිණියෙක්

ගව ලෙනට දාහක්ම පුද කරපු මිණිහෙක්
රව රවා විසි කෙරුවා මගෙ ලඟට දහයක්

ඇත්තටම තෑගි දෙන සීය මෙහෙ ආවත්
මෙච්චරම නැති මාව සනසයිද කොහොමත්

ඇලවෙච්චි කුරුස පෙළ යලි කෙලිං කෙරුවත්
පෙරලිච්චි මයේ කකුල එහෙමයි තවමත්


කැරොල් වල අසල් වැසි ප්‍රේමෙ ගැන කීවත්
නත්තලයි පල්ලියෙං එලෙව්වේ මාවත්

හීතලට ජෙසුටත් මම සාප කෙරුවත්
නත්තලට විසි කරන කෑම නං රසවත්

Wednesday, December 5, 2018

අප්පච්චි



හවස පන්තිය ඇරිලා උබ එන්න රෑ වෙද්දි
බය උනේ මං හුගක් එක ගවුම පොඟවද්දි

උණු වතුර ලිප තියං මග බලා මං ඉද්දි
වටේ උං හිනැහුනා පද හදා උබ එද්දි

ගෙදර වැඩ අහවරව දැලි වලං හෝදද්දි
දැනෙනවා මහ ගොඩක් අම්ම ගැන දුක සිද්දි

ලොකු කාර් හූ තියා අපිට බැන ගෙන යද්දි
මළ කාපු පැටල් අත ඔච්චමට හඩ දෙද්දි

දිනවන්න උබ ලෝකේ හති හලා පාගද්දි
පාසලට උබ ගියේ බෙල් එකට පැරදෙද්දි

අද ඊයෙ පහ වසර දිනපු ඒ මයේ පැංචි
විභාගේ අත ලඟට ඉක්මනිං ලොකු වෙච්චි

වියදමට පන්තියට නැති හින්දා මට පිච්චි
දුවනවා මගෙ හිතම දස අතේ නැත වච්චි

පන්තියේ ගැන්සියෙන් මං නිසා කොං වෙච්චි
හීනෙනුත් මං දැක්කෙ පුංචි ඇස් රතු වෙච්චි

තනි නොකර උන් අතර ඉවසමින් හැංගිච්චි
උබ ගැනම හිත හිතා සෙනෙහසින් දුක් වෙච්චි


දිනවන්න උබ ලෝකේ ජීවිතේ පැරදිච්චි
පින්සාර මයේ දුවේ මං උබේ අප්පච්චි

Friday, November 30, 2018

කැමාවට නිගාව



දුටුවාම - පුල්ලි පිරි කොල පාට ඔය          රෙද්ද
ඉඳුරාම - සිහි වෙන්නෙ වන්නියේ මහ        යුද්ධ
හැමදාම - ගරු කරන ඒ වතට අපි             වැන්ද
කෙරුවාම - මේ ලෙසට නිගාවන් දුක       නැද්ද 

ඇසුනාම - මේ කවිය වස් තියා පද           බැන්ඳ
ඉරිලාම - වෙන් වෙයං උබගෙ ඔය     දෙපරැන්ද


Tuesday, November 27, 2018

ඉවසීම





හැන්දෑව සිප ගන්න උසම මී ගහ ගාව
අන්තිමට සමු දුන්නෙ නුබට මං හිනැහීම
පිල්ලෑව යට උන්නු වී කුරුළු තුඩු තාම
ගයනවා ඒ උනත් දුක් ගීත හැමදාම

ඇවැස්සම සෙනෙහසට යට උනත් ඔය මූණ
පපුව තුල තියනවා ගිලි ගිලී ලඟ තාම
මෙලහකට හැඩකාර කටකාර නුබ වගෙම
පැංචියෙක් ඇති නේද මගෙ නමින් හිත ගාව

වැව පුරා ඕලු මල් නොපිපුනත් පෙර ලෙසම
එක මලක් හැම දාම පිපෙනවා කෙලවරම
කඩා ගෙන ඒ මලයි පහනකුයි හැමදාම
පුදනවා නුබ නමට සෙත් පතා මම තාම 
 

Monday, November 26, 2018

ධර්ම සංඝායනාවකට කාලයයි මේ...





වසා දෙවුර සිටියත් ඵල කිම                ඔහොම
කසා වතට බැරිනම් රැකුමට                    දහම
මොක කොහොම කිවත් පිංවත         මෙහෙම
පුකේ ඇදය අබුඩෙං වහගනු           කොහොම

Friday, November 2, 2018

නෙළුම් කුමාරී



දෙඅත් දියබුං ගසන තාලෙට
කෙකටියා අත වනනු පෙනුනා

රන් කරල් දිය දිගට දුවලා
හෙමින් මිරිකී ගෙලෙහි එතුනා

නයන පිය ගං දියර පොඟවා
සිහින් ස්වරයෙන් ගොඩට ඉසිනා

දෙතොල් රසයට දියඹ මත් වී
ලඟ ලඟම නිල් රැලිද නැගුනා

තිසරු යුවලක් දියෙහි පෙඟුනා
හිරුද සැංගී බලා උන්නා

කෙන්ඩියක් පැන් පිරුණු හැඩයෙන්
නිතබ ජලයෙන් උඩට පැන්නා

කුඹුක් සීතල පරදවන රුව
නාරියේ නුබ නොවෙද දැනුනා

තබරු ගොමුවම සැලී සොයනා
නෙළුම් කුමරිය නුබද සිතුනා

තවත් දෑ....