Tuesday, October 30, 2018

කියන්නං දුක් බර කතාවක්




හඩු ගැහුනු සරමක්
නහර වැල් ගැට එතුනු දෑතක්
දහදිය පෙඟුනු පපුවක්
රතුව යටටම ගිලුනු දෑසක්

ගෙඩියකට රුපියලයි සතයක්
වරුවටම ගෙඩි අනූ නමයක්
ගෙදර උන්දැගෙ බඩේ ගෙඩියක්
සූමානෙට දොස්තරට දාහක්

පිරිමි දරුවොම නමයක්
පිටට දීලා උන්න කෙල්ලෙක්
බක් මහට සරමකුයි රෙද්දක්
අරං එනවා ඒකි විතරක් 
 
මට දැං අසූ හතරක්
හිඟා කන එක උන්ට කැළලක්

Friday, October 19, 2018

ගිජිදුගේ ඉරණම





ලඳකට හසුව සැනෙසෙන මහ          ගිජිදාන
තදකොට බදා උන්නත් ඔය             කරබාන
යනකොට යන්නෙ දළ දෙකකුත්     ගලවාන
අහකට වෙයන් රජුනේ හිස             බේරාන  


Friday, October 12, 2018

අම්මයි දුවයි




දුවෙක් අන්දන් මවක් යන හැටි                  බලාපල්ලා
කරත්තයකට ගොනෙක් බැන්ඳා වගෙයි            අල්ලා
කවිත් ලියනව අපිත් මෙව්වට බඩත්                  අල්ලා
ඉතින් මොකටද තවත් ඉදලා මේව්වා               දැකලා

Sunday, October 7, 2018

ගුරු උපහාරය




පිපනු මලකට
සුවඳ මුසු කොට
ලොවට පුදනා
හිරු කිරණ සේ...

නුවණ පහදා
සවිය වඩවා
නිතැති ඔවදන්
නුබයි දුන්නේ...

ඉතින් අවසර
මලින් පිදුමට
පියාණනි ඔබේ
දෙපා රිසි සේ...

-----------------------

අඳුරු අහසට
තරුද වටකොට
පායනා පුන්
සඳක් විලසේ...

නැනස පහදා
කඳුළු පිසදා
අපව රැකි මවි
තුමිය නුබ වේ...

ඉතින් අවසර
මලින් සෙත් කර
පාද වැඳුමට
නුබේ සිතු සේ...

ගුරු මව්නි,
ගුරු පියාණනි
ඔබටයි මේ උපහාරය

තවත් දෑ....