Friday, May 25, 2018
Wednesday, May 16, 2018
උත්තමාචාරය
පුදා
පපුව දා බිඳු ඉහ මොළ රුහිර
විඩා
නොගෙන රැක මව් බිම වෙන් නොකර
සදා
ණයගැතිය උබලට අපි සොයුර
පුදා
පහන් පින් දෙන්නම් තනි නොකර
Monday, May 14, 2018
තුරු පතක ආලය
ඉපිද තුරු අග වැඩී සරුවට
සෙවන දී හැකි ලෙස සදා...
නටු අගින් ගිලිහී බිමට බැස
තුරු මුලම සිප මියැදෙනා...
සරු කරන්නට දළු මලින් තව
පොහොර පස් හා මුසු වෙනා...
අරුම තුරුපත් කියයි හඬ ගා
ආදරේ හැටි පුද දෙනා...
Subscribe to:
Posts (Atom)