Monday, June 29, 2015

කවියනි සමාවෙයං















සුන්දර රස කවි ඕනතරම් ඇති

මා කිය වූ නොකියූ…….

සමහර කවියන් විඳිමි පුදමි මම

අගය කරමි හමු වූ……..

ලෝබයි කවිකම් විටෙක කෙනෙකු ලඟ

දුටුවම මන බැඳුනූ…….

එහෙත් මගේ හිත මටම කියන දේ

අහං ඉඳිං මිතුරූ…….



‘’උබම ලියු උබෙ කවක් තරම් වෙන

කවක් නොවේ දැකපූ…….’’



Saturday, June 27, 2015

බඹර නෙත නොගැටෙන්ණිය











හැඩට පිපෙන්ණිය..........
සුවඳ විදන්ණිය.........
රෑට සරන්ණිය..........
නෙත ඇහැරන්ණිය..........

පෙති පුබුදන්ණිය..........
සළු ඟිලිහන්ණිය..........
විවර කරන්ණිය..........
ගත පෙන්වන්ණිය..........

සුදට රඟන්ණිය..........
නෙත රවටන්ණිය..........
උන් පිනවන්ණිය..........
පහස විදින්ණිය..........

රොන් උරවන්ණිය..........
පෙති තලවන්ණිය..........
පහසේ ගිලෙන්ණිය..........
නිසර කාමිණිය..........

අහෝ..

උඹේ අහේණිය..........?



Wednesday, June 24, 2015

වරද කොතනද?


වරද කොතනද?











කොටට ඇඳගෙන සිටින එකියක්

පෙන්නුවට සුදු කලව අඩියක්

කාටවත් නෑ ඒකෙ ගානක්

ඒකි හරි පොශ් ස්විට් කෙළ්ලක්



දිගට ඇදගෙන සිටින කෙළ්ලක්

ඉස්සුවොත් දිග සායේ මුල්ලක්

පෙන්නුවොත් පා විලුඹ චුට්ටක්



ආං එතකොට ඒකි වේසඟක්


Saturday, June 6, 2015

කාපිය මගෙ මාළු








පාසි අස්සෙ උන් දන්ඩි පැටික්කියෝ

ඩැහැගන්නට ආ පිළිහුඩුවා…

මාන බලාගෙන කුඹුක් කොටේ උඩ

හැන්දෑවට ලැගගෙන ඉන්නා…

ඕක දැක්ක තඩි නාකි ගෙබිච්චියෝ

හැංගී බක බක හඬ තැලුවා…

පීනා පීන ආ කලු තෙප්පෙලියෙක්

ලොකුවට කරමල හෙම පෙන්නා…

මක්කද ගෙම්බියො සද්ද කොරන්නේ

දිය පිට් පැන අසමින් රැව්වා…

ආං එතකොටම කට මැද දොඩවන

රැලේ මහ එකී බඩ් පුම්බා…

තොගෙ ඇස් පොට්ටද උඩ බිම බලපිය

හැල ගෙම්බිය උඩ පැන කිව්වා…

අනේ එතකොටම කුඹුකෙ ලැගං හිටි

පිළිහුඩ්ඩට කට කෙළ පෙරුණා...

පැන්නගමං බක ගෙම්බිගෙ බෙල්ලට

හුට්ටපටස් බක් බක් ගෑවා…



හෑ………..

එතකොට දැං

දන්ඩි පැටික්කියෝ………


Thursday, June 4, 2015

කවි කතාව


තෙරුවන් සරණයි 





මේ මයෙ හිතේ කාලයක් තිබුන ආසවක්.

කවියෙන් කතාවක් ලියන්ට හිතුවේ හුඟ කාලෙකට කලියෙං.

ඒත් බැරිඋනා.

මේ ඒ ආසාව සපුරාගැනීමක්.




මේ අපේ රටේ මුල්බැහැගෙන තිබුන, අදවෙනකොට ඩිංග ඩිංග යටවෙලායන මන්තර සාස්ත්‍රය ගැන සත්‍ය කතාවක්.

මගේ කිරිඅත්තා ‘’සර්ප විෂ විශේෂඥ්ඥ රාජකරුණා (වැරැලේ වෙදමහත්තයා) දෛවඥ්ඥතුමා’’ එතුමාගේ ගුරුවරු ගැන කියෝනකොට මහ උජාරුවෙන් මට හුඟාක් පුංචි කාලේ කියා දීපු කතාවක්.

අත්තා මේ කතාව අගේට කවි කරලා සාත්තුවල කියනවා මට යාන්තමට මතකයි.

ඉතිං මීට වසර 11ට විතර කලියෙං ඒ ජීවක ඇත්තො ජීවිත ගනනාවක් ගොඩ දාලා මියෑදුනා.

අත්තා කරපු ඒ සේවාව අගේකරලා අත්තට පින් තකා මං ඒ කතාව මට හැකි හැටියට කවි කොරන්ට තීරණය කොලා.

මන්ත්ර සාස්ත්‍රය ගැන විශ්වාස කොරන නොකරන එක තම තමන්ගෙ අයිතියක්.

මේක කාගෙත් රසවින්ඳනයට වගේම මයෙ ආසාවට මං ලියන්න ගත්තෙ. කට වරදක් උනොත් සමාවෙන්ට

.

මේ කවි කියෝන සැමගෙන් අවසර



ඒ වගේම




කම්බිලි දෙවෝත්තමයානවහන්සේගෙනුත්

කඳුබොඩගම වෙද ඇත්තන්ගෙනුත්

මයේ කිරිඅත්තගෙනුත්




අවසර

ඒ වගේම වරදක් උනොත් සමාව

ඉල්ලාහිටිනවා..




එහෙනං හා පුරා ආයුබෝ...





1)


2) 


3)
     

    

4)

තවත් දෑ....