Thursday, April 23, 2015

මල් සහ අපි කොතැනද?















වට්ටිය මලින් සැරසී කොත සේ ඳිළෙන.....
බුදු හිමි දකින්නට පේ වී මඟ බලන.....
අප හිස් මතම හිඳ අපටම ඔජ වඩන.....
නැත කිසි වැරදි කෙනෙකුට පිට සිට බලන.....


බලව් එකෙකු පරයා අනෙකා නැගෙන.....
මිනිස් ගතිය මේකද මහ පින් කරණ.....
පසන්නේන බුදු සමිදුත් දෙසු කරුන.....
කුමටද මහා පින්කම් පොඩි දේ නොදැන.....


නව මල් වලට ඉඩ දී පර මල් හැලෙන......
පිං කල යුතු අයුරු සත හට පහදවන.....
අරුමෙකි සිතක් නැති මේ මල් බණ කියන.....
උගනිව් පාඩමක් දිවියම සරු කරණ.....


සොබාවිකව මල් පිළිවෙලකට පිපෙන.....
කසාවතට බැරි බණ පහදා කියන.....
අපායට ගියත් පිළිවෙල හරි වටින.....
උපාසක උනත් පල නෑ මෙය නොදැන.....

-------------------------------------------------------------------------------------
පොරකා අනෙකාගේ අවස්ථාව උදුරාගෙන පින් කරනවුන් වෙනුවෙණි.
-------------------------------------------------------------------------------------



Tuesday, April 21, 2015

හිටුකෝ.. ඩිංගිත්තක්

 හිටුකෝ.. ඩිංගිත්තක්







හඳ පොජ්ජ උඩු තැනට මංඳු කොරෙව්වාම
රුක් පොජ්ජ පට අරිමු කන්දේ දෙයි වැඳලාම

දිය පොජ්ජ බිම ලාන්ට වැහි දෙයියෝ වැඩියාම
ඇට පොජ්ජ බිං කොරමූ අස් අද්දා දෙංඥාම


දිය කපලා දෑත් වෙන්ට ඇල බේරපං උඹම
ජප කොඹ දිය ඉස්ම උසි කොරාංඤං මමම
බඩ කලුවෝ පිට කලුවෝ කීඩෑ පන්නාලාම
පේ කොරපූ පිණි දියර ගොයමේ ලාමූ බෝම


හා ගෙරියෝ කැරකෙවී ඩැහැගාන්ට පැල ගොයම
උඩ පෙත්තෝත් විසි වේන්ට හූ තියමූ අතොරේම
හෙන කඳයෝ පන්නාන්ට වෙයි බංඩී වෙච්චාම
කයි කීමූ දෙකොනේම පැල් බෑදං මහ රෑම




අනේ නිකාහිටහං හූරේ..

ඉඳ මොකට එතකාල්ම පැල් කොටම වී පේඩි
කඳ පල්ලේ පැණි කාන්ට වර යාන්ට අයියාන්ඩි
යම බෑලා වක්කලමේං අල්ලාන්ට හිරි දාන්ඩි
මහ බෑද්දේ මැද්දෑවේ තෝ දැක්කෑයි හීං බංඩි




ඕං ඔය දෙඩුවේ...

නොදකින්
තොට කීවා කට හොඳා
ගල උලන්ට



Sunday, April 5, 2015

මගෙ සුදු අම්මා වෙත

මගෙ සුදු අම්මා වෙත







අම්මේ නුඹ ගිය දිනේ ඉඳන් දුර පිට රටට
ඉවසුවා මව් සෙනේ කැපකරන් අපේ ගෙට

දහ දුකින් වෙහෙස වී නුඹ එවූ කාසි කැට
විදුරු බෝතල් වෙලා බිලි වෙලා තාත්තට

ඇසුවාම තට්ටු කර හේතු මම බෝතලට
වෑහුනා මත් බිංඳු නුඹෙ අඩුව කියන් මට

කොං බිච්චි එහෙමමයි ඉස්සිලා නෑ උඩට
කාසි දැක්කෙත් නැතිලු වැලි ගලට බදාමට

හැමදාම පියා එයි වෙරි මතින් හවස ගෙට
මං හේදු දැලි වලං හයිය මදි දැං ඔහුට

දැක්කහම බඩ ලඟින් ඉරුණු මගෙ මල් හැට්ට
නුඹ මැවෙනවද මන්ඳ මගෙ මුවින් වෙරි මතට

පිය සෙණේ සුරා සුව පැටළිලා එක පිටට
මත් සිතින් රතු ඇසින් අත තියයි මගෙ ඇඟට


අනේ බුදු තාත්තේ වඳින්නම් මම උබට
වැඩක් නෑ හඬ යන්න කට තියයි මගෙ කටට

අහස් යන්තර යනව මගෙ කෙදිරි පර යන්ට
පොල් අත්තෙ සිදුරකින් එළි පේනවා ඇඳට

නුඹ බහිනවද සැකයි දිව එන්න සිතේ මට
බෑ එන්න හිරවෙලා මගේ ඇඟම කළු අතට

පුංචි කල සෙනෙහසින් නැහැවූ සුරතල් දුවට
අත තියයි වැඩුණු ලැම සොය සොයා වල් මතට

අමතන්නේ යලි කොහොම සෙනෙහසින් තාත්තට
නුඹෙද සැමි මගෙද සැමි වද කරයි මගේ සිතට

ඉතින් නවතිමි අම්මෙ බයයි මං තාත්තට
දුටුවොතින් මේ ලිවුම තලයි හොඳටෝම මට

වෙන්න කිසිවක් නොමැත තව අම්මෙ නුඹෙ දූට
අකුරු කරණට බැරිය හරස් වෙයි කඳුළු කැට

නවත්තන්නම් ලියුම හාදු දි කෙළවරට
පතන්නම් බුදු සරණ මගේම සුදු අම්මාට

හ්ම්....

දැ ඉතිං නුඹලගේ දායාද ඇත මෙමට
ගෙට කාසි සොයන්නම් රෑට ගොස් වීදියට



Friday, April 3, 2015

අයියන්ඩියේ මේ අහපං










බූරු ඇඳෙන් බැහැල හෙමිං

සූරු කමින් අඩිය තියං

මාරු පයින් දුවල වරෙං

පාරු තොටින් එගොඩ වෙයං



මාන ඉලුක් පඳුරු මැදිං

පාන හඳෙන් එළිය අරං

නාන තොටින් දොහොන් කොරං

වාන උඩින් පැනල වරෙං



හේන රැකන් උඹ හිටහං

නෑන බලන් මම යන්නං

රෑන ගිරව් එන්ට කලිං

හීන අරන් මම එන්නං



හ්ම්..

ආඩපාලි හිතේ දරං
නාඬ පැලේ කවි කියපං



මං ආවම..

කෑල මලෙන් මාල ගොතං හිනා කටින් උඹ පලයං

පෑල දොරින් ගෙදර ගොහිං නෑනන්ඩිගෙ හිත හදපං

දෑල අතුන්වාගෙ පුතුන් දෙන්නෙක් ඇතිදැයි අහපං

ඈල ගොඩින් ආයෙ ඉතින් නෝක්කාඩු නෑ කියපං

තවත් දෑ....